Cricket NewsEXCLUSIVELegends Series

පිට පිට අර්ධ ශතක රැස් කරමින් Legends ලීගය තුල සිංහ අණසක පතුරුවන උපුල් තරංග.!

අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති Road Safety World Series තරඟාවලායේ තවත් දිගුවක් ලෙස ඕමානයේ අල් අම්රත් කී‍්‍රඩාංගණයේදී මේ වන විට Legends League තරඟාවලිය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසකගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන legends League තරගමාලාවේ World Giants, Asia Lions & India maharajas යනුවෙන් කණ්ඩායම් 3ක් ක්‍රීඩා කරනවා

මෙම කණ්ඩායම් අතරින් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාවේ බිහි වූ ස්වර්ණමය චරිත නියෝජනය කරනු ලබන්නේ Asia Lions කණ්ඩායමයි.

මේ අතර මේ වන විට Legends League තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සමත්වී තිබෙනවා.

ඒ ඔහු සහභාගී වන ලද තරඟ තුනේදීම පිට පිට අර්ධ ශතක 3ක් ද රැස් කිරීමට සමත් වෙමිනුයි.

Asia Lions කණ්ඩායමේ පිතිකරණ ශක්තිය උපුල් තරංග වටා ගොඩ නැගී ඇති අතර ඔහු India Maharajas කණ්ඩායම සමග පැවති ප්‍රථම තරගයේදී ලකුණු 66ක් රැස් කළ අතර World Giants කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 72ක් ද ඔහු සභබාගි වු තෙවන තරගය වන India maharajas සමඟ පැවැත්වෙන තරගයේදී ලකුණු 72ක් ද රැස් කිරීමට සමත් වුණා.

උපුල් තරංග මේ වන විට සහබාගි වූ තරඟ තුන තුලදීම මුළු ලකුණු 201ක් රැස් කිරීමටද සමත්ව සිටින අතර උපුල් තරංගගේ මෙම පිතිකරණ දස්කම් Legends Leagueට විදෙස් විචාරකයන්ගේ පවා අවධානයක් ලැබී තිබෙනවා.

මේ වන විට Legends League ගේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7