Cricket NewsEXCLUSIVE

තියුණු තරඟයක් අවසානයේ ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය සම කරයි.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අනිවාර්ය වූ දෙවන තරඟය තියුණු තරඟයක් අවසානයේ ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් හිමිකරගනිමින් 1-1ක් ලෙස තරඟාවලිය සම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනූව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණ යුගල වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉන්දීය පන්දු යවන්නන් කිසිවකු මායිම් නොකරමින් ඉන්දීය පන්දු රකින්නන් ප්‍රෙක්ශකයන් බවට පත් කරමින් ආරම්භක සබඳතාව ලකුණු 80ක් දක්වා රැගෙන ඒමට සමත් වුනා.

පන්දුවාර 8.1ක් පුරා ක්‍රියාත්මක වූ කුසල් මෙන්ඩිස් ⁣පන්දු පන්දු 31ක් තුල වේගවත් ලකුණු 52ක් රැස් කළ අතර එම වේගවත් ඉණිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ඇතුළත් වුනා. අනතුරුව කෙටි ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කල චරිත් අසලංක පන්දු 19ක් තුල වේගවත් ලකුණු 37ක් රැස් කල අතර තරඟයේ අවසන් බාගයේ පිටියට පිවිසි දසුන් ශානක නොදැවී පන්දු 22ක් තුල ලකුණු 56ක් රැස් කල අතර ඊට හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වූනා.

අනතුරුව ලකුණු 207ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 190ක් පමණයි.

ඉන්දීය ඉණිමේ වැඩිම ලකුණු ලාබියා වුAxar patel පන්දු 31ක් තුල වේගවත් ලකුණු 65ක් රැස් කල අතර Suryakumar yadaw ලකුණු 51ක් රැස් කළා.

පන්දු යැවීමේදී දසුන් ශානක, කසුන් රාජිත සහ ඩිල්ශාන් මදුශංක කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව දෙවන තරඟය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම 1-1ක් ලෙස තරඟාවලිය සම කර ගැනීමට සමත් වූ අතර එළඹෙන 10 වන දා පැවැත්වෙන අවසන් තරඟය තරඟාවලි ජයග්‍රහයකයා තීරණය කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7