Cricket NewsEXCLUSIVE

ඉන්දීයන් රසිකයන්ගෙන් පිරී ඉතිරී ගිය පූනේ ක්‍රිඩාංගනයම නිෂ්ශබ්ද කළ දසුන් ශානකගේ ගිණිකෙළි සැණකෙළිය.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවන තරගය පුරාවට අණසක පැතිරවීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

ඉන්දියාවට යම් බලාපොරොත්තුවක් තිබුනා නම් තරඟයේ අවසන් භාගයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම බලාපොරොත්තුවද සියතට ගැනීමට සමත් වුයේ ක්‍රිකට් වාර්තා පොත් පවා අලුතින් ලියු ගිණිකෙළි සැණකෙළියක් දියත් කරමිනි.

නොදැවී පන්දු 22ක් පුරා දියත් වූ දසුන් ශානකගේ විශිෂ්ට ඉණිම ලකුණු 56කින් වර්ණවත් වූ අතර දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් ඇතුලත් වූ අතර ප්‍රහාරාත්මක වේගය සටහන් වුයේ 254.55ක් ලෙසයි.

එය ඉතිහාස ගත වූයේ ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි-20 තරඟයකදී ප්‍රහාරාත්මක වේගය 250ට ඉහළින් තබාගනිමින් ක්‍රිඩකයකු රැස් කළ පළමු අර්ධ ශතකය ලෙසයි.

එමෙන්ම ජාත්‍යන්තර විස්සයි-20 පිටියේ ශ්‍රී ලංකා ක්‍රිඩකයකු රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකයද දසුන් ශානකගේ නම ඉදිරියේ ලිය වුණා.

ඉණිමේ අවසන් පන්දුවටද දැවැන්ත හයේ පහරක් එල්ල කළ දසුන් ශානක ගෞරවාන්විත ලෙස ඉණිම අවසන් කලේ ඉන්දීය රසිකයන්ගෙන් වැසී ගිය පූනේ ක්‍රිඩාංගනයම නිෂ්ශබ්ද කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7