ඔස්ට්‍රේලියාව 9දෙනෙක් පමණක් ක්‍රීඩා කරමින් පුහුණු තරගය ජය ගනී.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ ඊයේ අලුයම සහභාගිවූ තරගයෙන් නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
මේ තරගයේ විශේෂත්වය වූයේ ඔස්ට්‍රේලියාව ක්‍රීඩකයන් 9 දෙනකුගෙන් සමන්විතව පිටියට පිවිසීමය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නැමීබියාව ලකුණු 119කට සීමා කළ ඔස්ට්‍රේලියානුවෝ ඕවර 10කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී තිබියදීය.
ඩේවිඩ් වෝනර් වේගවත් ලකුණු 54ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ පන්දු 21කිනි. ටිම් ඩේවිඩ් ලකුණු 23ක් සහ මිචෙල් මාෂ් ලකුණු 18ක් ඉනිමට එක් කළහ.
සේන් ග්‍රීන් ලකුණු 38ක් රැස් කරමින් නැමීබියා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර පන්දු යැවීමේදී ඇඩම් සම්පා කඩුලු 3ක් දවා ගත්තේය.
ලෝක කුසලාන සංචිතයට නම් කර සිටින 15දෙනකුගෙන් යුත් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන ට්‍රැවිස් හෙඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ග්ලෙන් මැක්ස්වෙල්, කැමරන් ග්‍රීන් සහ මාකස් ස්ටොයිනිස් අයිපීඑල් තරගාවලියට එක්වීමෙන් අනතුරුව විවේක ගැනීම හේතුවෙන් මේ පුහුණු තරගවලට එක් නොවෙති. ඒ වෙනුවට පන්දු රැකීම සඳහා ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්, සහාය පුහුණුකරුවන් වන බ්‍රැඩ් හොජ් සහ ඇන්ඩ්‍රේ බොරොවෙක් සමඟ ජාතික තේරීම් කමිටු ප්‍රධානි ජෝර්ජ් බේලිගේ සහාය ලබා ගැනීම කණ්ඩායම කටයුතු කළේය.