Cricket NewsEXCLUSIVEInternational

ඔස්ට්‍රේ­ලි­යා­ව 9දෙනෙක් පමණක් ක්‍රීඩා කරමින් පුහුණු තරගය ජය ගනී.

විස්සයි 20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලිය පෙර පැවැ­ත්වෙන පුහුණු තරග යටතේ ඊයේ අලු­යම සහ­භා­ගිවූ තර­ග­යෙන් නැමී­බි­යා­වට එරෙ­හිව කඩුලු 7ක ජයක් වාර්තා කිරී­මට ඔස්ට්‍රේ­ලි­යාව සමත් විය.

මේ තර­ගයේ විශේ­ෂ­ත්වය වූයේ ඔස්ට්‍රේ­ලි­යාව ක්‍රීඩ­ක­යන් 9 දෙන­කු­ගෙන් සම­න්වි­තව පිටි­යට පිවි­සී­මය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් නැමී­බි­යාව ලකුණු 119කට සීමා කළ ඔස්ට්‍රේ­ලි­යා­නුවෝ ඕවර 10කදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ කඩුලු 3ක් දැවී තිබි­ය­දීය.

ඩේවිඩ් වෝනර් වේග­වත් ලකුණු 54ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟ පන්දු 21කිනි. ටිම් ඩේවිඩ් ලකුණු 23ක් සහ මිචෙල් මාෂ් ලකුණු 18ක් ඉනි­මට එක් කළහ.

සේන් ග්‍රීන් ලකුණු 38ක් රැස් කර­මින් නැමී­බියා ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර පන්දු යැවී­මේදී ඇඩම් සම්පා කඩුලු 3ක් දවා ගත්තේය.

ලෝක කුස­ලාන සංචි­ත­යට නම් කර සිටින 15දෙන­කු­ගෙන් යුත් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් වන ට්‍රැවිස් හෙඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ග්ලෙන් මැක්ස්වෙල්, කැම­රන් ග්‍රීන් සහ මාකස් ස්ටොයි­නිස් අයි­පී­එල් තර­ගා­ව­ලි­යට එක්වී­මෙන් අන­තු­රුව විවේක ගැනීම හේතු­වෙන් මේ පුහුණු තර­ග­ව­ලට එක් නොවෙති. ඒ වෙනු­වට පන්දු රැකීම සඳහා ප්‍රධාන පුහු­ණු­කරු ඇන්ඩෲ මැක්ඩො­නල්ඩ්, සහාය පුහු­ණු­ක­රු­වන් වන බ්‍රැඩ් හොජ් සහ ඇන්ඩ්‍රේ බොරො­වෙක් සමඟ ජාතික තේරීම් කමිටු ප්‍රධානි ජෝර්ජ් බේලිගේ සහාය ලබා ගැනීම කණ්ඩා­යම කට­යුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button