Cricket NewsEXCLUSIVE

පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනයේ සම දස්කම් දැක්වූ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව කරට කර සටනක.!

ආසියානු ක්‍රීඩාංගනයක පැවැත්වෙන ටෙස්ට් තරගයකදී කාසියේ වාසිය දිනාගන්නා කණ්ඩායමක් ලබා ගන්නා ජනප්‍රිය තීරණය වන්නේ පළමුවෙන් පන්දුවට පහර දීමය. මුල් ඉනිමේදී හැකිතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් ගොඩගසා ගැනීම නායකයන්ගේ අභිලාශය වූවත්, ගාල්ල ක්‍රීඩාංගණයේදී අද දිනයේදී පමණක් කඩුලු 13 ක් බිඳ වැටිණ.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය වූ අද (29) ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය. කඩුලු 7 ක් අතැතිව සිටින ඕස්ට්‍රේලියානුවෝ, ඒ වන විට ලකුණු 114 කින් ශ්‍රී ලංකාවට ආසන්න වී සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 212ක් වන අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 58ක් රැස් කරමින් පසු පෙළ පිතිකරුවන් සමග එක් වී කණ්ඩායමට ජීවයක් ගෙන ඒමට සමත් වුනා.

ඒ අනුව සිය පළමු ඉනිම ඇරඹු ඔස්ට්‍රේලියාව අද දිනය නිමා වන විට කඩුලු 3ක් දැවී ලකුණු 98ක් රැස් කරගෙන සිටි අතර පළමු දිනය නිමාවේදී කණ්ඩායම් දෙකම කරට කර සිටිනු දක්නට ලැබෙනවා.

තරගයට පෙර කී ආකාරයෙන්ම ඕස්ට්‍රේලියානුවෝ මෙම තරගය සඳහා වෙනස් ආකාරයේ සැලසුම් සකස් කර තිබේ. ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි ඕවරයේදීම පිට දඟ පන්දු යවන නේතන් ලයන් පන්දු යැවීමට කැඳවූයේ නායක පැට් කමින්ස්ගේ ඕවර 2 කින් ශ්‍රී ලංකා පිතිකරුවන් එක ලකුණක් පමණක් ලබාගෙන සිටියදීය. එහෙත් එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් ඕස්ටේ්‍රලියානු නායකයා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 212 කට සීමාකළා පමණක් නොව, සිය ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන්නාට, 20 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගැනීමේ අවස්ථාව හිමි කර දුන්නේය.

තරගයේ දෙවැනි දිනය හෙට (30) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 212/10

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 98/3

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button