Cricket NewsEXCLUSIVE

තරඟයේ දෙවැනි දිනය අවසාන වන විට ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානුවෝ වැඩි ගෞරවයක් හිමි කර ගනී.!

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවනදිනය වූ අද (30) තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණි නමුත්, ඕස්ට්‍රේලියානුවෝ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ වාසිය අත්කර ගැනීමට සමත් වුනා.

අද (30) සවස පැවැති අයහපත් ආලෝක තත්වය නිසා ක්‍රීඩාව නතර කරන විට ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක් දැවී ලකුණු 313 ක් ලබා සිටියේය.

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවාර 15 කින් ලකුණු 73 ක් උදුරාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මහත් බලපොරොත්තු කඩවීමක් වූ අතරම ධනංජය ද සිල්වාගේ අද දිනයේ පන්දු යැවීම පන්දුවාර 5 කට පමණක් සීමාවීමත් අවාසියට කාරණාවක් විය. දෙවැනි දිනය වන විට ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 101 ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන තිබේ.

ඉනිම පුරාම අගනා පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස්, ඕවර 31 ක් යවමින් ලකුණු 107 කට කඩුලු 4 ක් දවාගෙන සිටියේය. එහෙත් අනෙක් අන්තයෙන් මෙන්ඩිස් අපේක්‍ෂා කළ සහයෝගය නොලැබිණ.

උස්මන් කවාජා (71), කැමරන් ග්‍රීන් (77) සහ ඇලෙක්ස් කේරි (45) තිදෙනා පන්දුවේ තියුණු දඟකැවීමට අභියෝග කරමින්, 5 වැනි කඩුල්ලේ සිට 7 වැනි කඩුල්ල දක්වා ලකුණු 178 ක් එකතු කළහ. ඕස්ට්‍රේලියානුවන්ට මුල් ඉනිමේ වාසිය අත්වූයේ එතැනිනි.

පැතුම් නිස්සංකගේ විශිෂ්ට පන්දු රැකීමකින් උස්මන් කවාජා ලකුණු 71 කට දැවී ගියේය. කැමරන් ග්‍රීන් සහ ඇලෙක්ස් කේරි දෙදෙනා පාලනය කළ නොහැකි විය. ‘ස්වීප්’ සහ ‘රිවර්ස් ස්වීප්’ පහර මැනවින් ප්‍රයෝජනයට ගත් මේ දෙදෙනා, හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස්කළ ලකුණු 84 වෙනුවෙන් වැයකළේ විනාඩි 83 කි.

පන්දු 3 ක් ඇතුළත කැමරන් ග්‍රීන් සහ මිචෙල් ස්ටාක් ආපසු ක්‍රීඩාගාරයට යැවීමට රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ සමත් වූවත්, පන්දු 16 කින් ලකුණු 26 ක් උදුරාගත් ඕස්ටේ්‍රලියානු නායකයා තම කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියේය.

අද දිනයේ අහිමි වූ තරග කාලය අත්පත් කරගැනීම සඳහා තරගයේ තුන්වැනි දින ක්‍රීඩාව හෙට (01 වැනිදා) පෙරවරු 9.45 ට ආරම්භ කිරීමට නියමිතය. හෙට දිනයට නියමිත පන්දුවාර සංඛ්‍යාව 98 කි.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 212/10

ඕස්ට්‍රේලියා පළමු ඉණිම – 313/8

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button