Cricket NewsEXCLUSIVE

ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 තරඟාවලියක වැඩිම ලකුණු රැස් කරන ලද ආරම්භක පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත් වෙයි.!

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය පසුගිය පෙබරවාරි 14 වනදා ආරම්භ වූ අතර මේ වන විට ඉන් තරග 4ක් අවසන් වී තිබෙනවා.

තරඟාවලිය අවසන් වීම සඳහා තවත් ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර මේ වන විට ක්‍රීඩා කළ තරඟ හතරම ජයගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම 4-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.

ශ්‍රී ලංකාව 5-0ක් ලෙස ඕස්ට්‍රේලියාව තුළදී ඉතිහාසගත දැවැන්ත පරාජයක් අභිමුවට පැමිණ සිටින අතර ගෞරවාන්විතව හෝ තරඟාවලිය නිමා කිරීමට නම් මීළඟ තරගය අනිවාර්යෙන්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී තිබෙනවා.

මේ මෙම ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීම තරඟාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ පැතුම් නිස්සංකයි.

පැතුම් නිස්සංක ඕස්ට්‍රේලියාවට එරෙහිව,

පළමු තරඟයේදි – 36 (37)
දෙවන තරඟයේදි – 73 (53)
තෙවන තරඟයේදි – 16 (21)
සිව් වන තරඟයේදී – 46 (40)

ඒ අනුව මෙම තරඟාවලියේ තරඟ හතරටම ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එහිදී ලකුණු 171ක් රැස්කර ගැනීමට සමත්ව සිටිනවා.

එමෙන්ම ක්‍රිකට් වාර්තා පොත් අතරට පැතුම් නිස්සංක ගේ මෙම ලකුණු සටහන එක් වූයේ විදේශීය රටක ආරම්භක පිතිකරුවෙකු ඕස්ට්‍රේලියා විස්සයි-20 තරග සංචාරයක දී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

ඕස්ට්‍රේලියාව තුල තරඟාවලියකට සහබාගී වී වැඩිම ලකුණු රැස් කර ඇති ක්‍රිඩකයන් සටහන පහතිනින්,

පැතුම් නිස්සංක – 171* – in 2022*
රෝහිත් ශර්මා – 143 – in 2016
ශිකර් ධවාන් – 117 – in 2018
බාබර් අසාම් – 115 – ️ in 2019

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7