Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව කබලෙන් ලිපට – ලෝක කුසලාන ඉතිහාසයෙ ප්‍රථම වරට බංගලි හමුවේ පරාජය වේ.

බංග්ලාදේශයට එරෙහිව දිල්ලි නුවර අරුණ් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ‍අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 3 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාව, මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට වීසි විය. ලෝක කුසලාන තරගයකදී බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජය මෙය වූ අතර මෙම පරාජයත් සමගම තරගාවලියේ අවසන් පූර්ව වටය කෙරෙහි ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් බිඳවැටිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 280 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ඕවර 41.1 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්තේය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව පියවරක් පසුපසට ඇද දමමින් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද බංග්ලාදේශයට හැකි විය. එහිදී ලැබූ පරාජය හේතුවෙන් ලබන වසරේ (2024) පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමද ශ්‍රී ලංකාවට ඉතා අසීරු කාර්යයක් බවට පත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7