කැන්ගරුවන් පසු කරමින් ඉන්දියාව යළිත් ටෙස්ට් ශූරතාවේ පෙරමුණට
ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පර්ත් හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 295ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානය ගැනීමට යළි ඉන්දීය පිල සමත් විය.
මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 150ක් රැස්කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 104කට දැවී ගියේය. ඉන්දීය කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 487ක් ලබාගත් හෙයින් ජයග්‍රහණය සඳහා ලකුණු 534ක ඉලක්කයක් හඹා ගියද ඔස්ට්‍රේලියාව ලකුණු 238කට දැවී ගියේය.
ඉන්දීය පිල වෙනුවෙන් යෂශ්වී ජයිශ්වාල් ලකුණු 161ක්, විරාත් කෝලි නොදැවී ලකුණු 100ක් හා කේඑල් රාහුල් ලකුණු 77ක් ලබා ගත්හ. තරගයේ වීරයා සම්මානය දිනූ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 8ක් හා මොහොමඩ් සිරාජ් කඩුලු 7ක් බිඳහෙළුෑහ.
තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ඉදිරියට පැමිණි අතර, දෙවැනි ටෙස්ට් තරගය මේ 30 වැනිදා ඇඩිලේඩ්හිදී ආරම්භ වේ.