Cricket NewsEXCLUSIVEInternational

තෙවන එක්දින තරඟයේදී අති ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය ලකුණු 141කට සීමා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වෙයි.!

ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන සහ අවසන් තරගය මේ වන විට පැවැත්වෙනවා.

මේ අතර අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්බේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එහිදී අති ප්‍රබල ඕස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය ලකුණු 141ට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දු බලඇණිය සමත් වූ අතර ඔවුන් ඒ සඳහා වැය කළේ පන්දුවාර 31ක් පමණයි.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ David Warner ලකුණු 94ක් ලබාගැනීමට සමත් වුවත් අනෙක් කිසිම පිතිකරුවෙක් ලකුණු 20 සීමාව හෝ පසු කිරීමට සමත් වූයේ නැහැ.

Glenn Maxwell ලකුණු 19ක් රැස්කළා. Ryan Burl කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වූ අතර Brad Evans කඩුලු 2ක් බිඳ හෙලූවා.

ඒ අනුව ලකුණු 142ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාම සඳහා මේ වන විට සිම්බාබ්වේ පිතිකරුවන් පිටියට පිවිස තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7