Cricket NewsEXCLUSIVE

පසුගියදා පැවති තරඟ සංචාරයට ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සිය තරඟ මුදල් ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කරයි.!

පසුගියදා නිමා වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කණ්ඩායම් දෙකටම සාර්ථක තරඟාවලියක් බවට පත්වුණා.

පන්දුවාර විස්සයි -20 තරගාවලියේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියානු කණ්ඩායම සතු වූ අතර එක්දින තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුණා. අනතුරුව පැවති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම වුවා. ඒ අනුව අතිශය තියුණු මුහුණුවරක් ගත් මෙම තරගාවලිය අවසන් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසාකයන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කහ පැහැයෙන් සැරසී ක්‍රීඩාංගණය තුළ කෘතගුණ සැලකීම ලොව පුරා සියලුම මාධ්‍යන් වල ඉහළින්ම ප්‍රචාරණය වීමත් සමගයි.

ශ්‍රී ලංකාව දැඩි අර්බුදකාරි සමයක් පසු කරමින් සිටින අවධියේ ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පුරා මාසයකට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් විවිද සංචාරය ව්‍යාපෘතින් වලටද සහය දැක් වූ අතර ඩොලර් මිලියන 50 එකතු කිරීමේ වැඩසටහනකට පවා ඔවුන් සහභාගි වුණා.

එමෙන්ම මීට සුළු මොහොතකට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිය නිල Facebook ගිණුමේ විශේෂ සටහන් කරමින් තහවුරු කර තිබෙන්නේ ශ්‍රී ලංකා තරඟ සංචාරයේ නිරත වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් සිය තරඟ ගාස්තු ‍ශ්‍රි ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බවයි.

ඒ අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 45,000කට අධික ප්‍රමාණයක් ඔවුන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා

ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නිළ ⁣Facebook පිටුව තැබූ සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button