Cricket NewsDomestic CricketEXCLUSIVE

Greys කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක ජයක් වාර්තා කළ චරිත් අසලංක නායකත්වය දරන Blues කණ්ඩායම වර්ණ සංග්‍රාමයේ අවසන් මහා තරඟයට.!

එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය සහ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් පැවැත්වෙන ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 තරගාවලිය මේ වන විට පැවැත්වෙනවා,

ඒ අනුව තරඟාවලියේ තෙවන තරඟය ලෙස චරිත් අසලංක නායකත්වය දරන Blues කණ්ඩායම සහ අශාන් ප්‍රියන්ජන් නායකත්වය දරන Greys කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට චරිත් අසලංක නායකත්වය දරන Blues කණ්ඩායම අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Greys නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Greys කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.

Greys ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තනුක දාබරේ ලකුණු 33ක් වාර්තා කිරීමට සමත් වුනා.සංගීත් කුරේ ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Blues පිතිකරුවන් පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 119ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Blues ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක චරිත් අසලංක ලකුණු 29ක් රැස් කල අතර අශේන් බණ්ඩාර ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී මිලාන් රත්නායක කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමග වර්ණ සංග්‍රාමයේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Blues කණ්ඩායම සමත් වුනා. තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button