Cricket NewsEXCLUSIVEUnder-19

“ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙම ඉවත් විය යුතු කණ්ඩායමක් නෙමෙයි, අවසන් මහා තරඟය නියෝජනය කල යුතු කණ්ඩායමක්” – Carlos Brathwaite

වයස 19 පහළ ලෝක කුසලාන එක්දින තරඟාවලිය මෙවර බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.

එම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය මේ වට විට අවසන් වී ඇති අතර දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 4ක පරාජයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියා.

කෙසේ නමුත් ⁣ලෝක කුසලානයේ 5වන ස්ථානය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට පිවිසි අතර එම තරඟයෙන් ලකුණු 65 ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වූනා.

එම ජයග්‍රහණයත් සමග හෙට දිනයේදී පකිස්ථාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම 5 වන ස්ථානය වෙනුවෙන් සටන් වැදීමට නියමිතය.

කෙසේ නමුත් මෙහිදී දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙවර තරඟාවලියේ දැක්වූ දස්කම් මේ වන විටත් විචාරකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

මේ වන විට ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම කඩුලු ලාබී ලයිස්තුවේද ප්‍රථම ස්ථානයේ පසු වන්නේ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ය.

මේ අතර කොදෙව් සුපිරි ක්‍රීඩක Carlos Brathwaite විසින් යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කොට තිබෙනවා.එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙවර තරඟාවලියේ පෙරලිකාරම කණ්ඩායම යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම බවත් ඔවුන් අවසන් මහා තරඟය නියෝජනය කල යුතු කණ්ඩායමක් බවත් ඔහු පෙන්වා දුන්නා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ Carlos Brathwaite,

කවුරුන් හෝ මගෙන් ඇහුවොත් මේ ලෝක කුසලානයේදී මා දැකපු පෙරලිකාරම කණ්ඩායම කුමක්ද කියා, මම නම් කරන්නෙ මේ ශ්‍රී ලංකා කණ්ඩායම,ඔවුන් දක්ෂයි. ඔවුන් අපේ රටේදීම අපේ කණ්ඩායම පරාජය කලා. ඕස්ට්‍රේලියාව පරාජය කලා, දැන් දකුණු අප්‍රිකාවත් පරාජය කරලා.

මේ කණ්ඩායම මේ වගේ ඉවත් විය යුතු කණ්ඩායමක් නෙවෙයි අවසන් මහා තරඟය නියෝජනය කල යුතු කණ්ඩායමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7