Cricket NewsEXCLUSIVEInternational

බාබර්ගේ මන්දගාමී පිතිකරණය ’ඉබ්බා සහ හාවාගේ කතාවේ’ නිරූපණයක් – හිටපු ඉන්දීය ක්‍රීඩක අශ්වින් කියයි

චැම්පියන්ස් කුසලාන ආරම්භක තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 90 කදී ලකුණු 64ක් රැස්කළ පාකිස්තාන පිතිකරු බාබර් අසාම් දැඩි විවේචනයට ලක්වෙයි.

ඔහුගේ මන්දගාමී ප්‍රහාරය ‘ඉබ්බා සහ හාවාගේ කතාවේ’ නිරූපණයක් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ හඳුන්වා දෙති.

කරච්චි ජාතික ක්‍රීඩාංගණ‍‍යේදී පෙරේදා පැවැති තරගයේදී නවසීලන්තය කඩුලු 5කට ලකුණු 320ක් ලැබූ අතර, පාකිස්තාන පිල ලකුණු 260කට දැවීයෑමෙන් නවසීලන්තයට ලකුණු 60ක ජයක් හිමිවිය.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් කයිෆ්, දකුණත් පිතිකරුවාට දැඩි ලෙස චෝදනා කරමින්, ඔහුගේ පිතිකරණ විලාසය යල් පැන ගිය බවත් 1980 දශකය සිහිගන්වන බවත් කියා සිටියේය.

හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් පාකිස්තාන පිතිකරුවාට උපහාසාත්මක ලෙස ‘එක්ස්‘ පණිවිඩයක් මඟින් ප්‍රහාර එල්ල කළේය. බාබර්ගේ මන්දගාමී පිතිකරණය’ඉබ්බා සහ හාවාගේ කතාවේ’ නිරූපණයක් ලෙස හැඳින් වූවේය. Òසල්මන් අගා පන්දු 28කදී ලකුණු 42ක් ගනිද්දී බාබර් පන්දු 90කදී ලකුණු 64ක් ගත්තා. ඒක හරියට Òඉබ්බා සහ හාවා කතාවේÓ හොඳම නිරූපණය විය යුතුයිÓ අශ්වින් පැවසීය.

පාකිස්තානයේ හිටපු නායක සහ වේග පන්දු යවන වකාර් යුනිස්, පාකිස්තානය ලද දරුණු පරාජය සම්බන්ධයෙන් බාබර් අසාම් සහ කණ්ඩායමේ ඉහළ පෙළේ පිතිකරුවන් වගකිවයුතු බව පැවැසීය.Óලකුණු 60කට පන්දු 90ක් වැය කළොත් ඉදිරි තරගත් පරදිනවා වකාර් යුනිස් පැවැසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button