Cricket NewsEXCLUSIVEInternational

බාබර් ඔයා 100ක් ගැහුවොත් මම ඔයාට බෙන්ස් එකක් දෙනවා – පාකිස්ථාන තරුණියගෙ ඔට්ටුව පැරදුන බාබර් අසාම් ලකුනු 35කට දැවී යයි.

විස්සයි20 ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පාකිස්තාන – එංගලන්ත විස්සයි20 තරගාවලියේ පෙරේදා බර්මින්හැම්හිදී පැවති දෙවැනි තරගයේදී පාකිස්තාන නායක බාබර් අසාම් ශතකයක් ලබාගතහොත් සුපිරි මර්සිඩීස් මෝටර් රථයක් තෑගි කරන බව එංගලන්තයේ ජීවත්වන පාකිස්තාන තරුණියක් වන නබිහා ඛාන් නිවේදනය කළද බාබර් ලකුණු 35කට දැවී ගියේය. මේ තරගයෙන් පාකිස්තානය ලකුණු 23කින් පරාජයට පත්විය.

පාකිස්තාන තරුණ ක්‍රිකට් රසිකාවියක් වූ නබීහා ඛාන් ජියෝ නිව්ස් වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් “අපි පකිස්තානය වෙනුවෙන් අපිට තියෙන දේ කැප කරනවා. බාබර්, කරුණාකරලා අපේ බලාපොරොත්තු කඩන්න එපා, ලජ්ජාවෙන් ඔළුව නවන්න එපා” ඇය සඳහන් කළාය. නබිහාගේ පියා සුඛෝපභෝගී මර්සිඩීස් වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරන ධනවත් අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button