Cricket NewsEXCLUSIVEUnder-19

පසුපෙළ පිතිකරුවන්ගේ සටන්කාමී උත්සහය අපතේ යවමින් ඇෆ්ගනිස්තානයට ලකුණු 4ක තියුණු ජයක් – ශ්‍රී ලංකාව ඉවතට.!

බටහිර ඉන්දීය කොදෙව් දේශය කේන්ද්‍ර කරගනිමින් මෙවර ආරම්භ වූ වයස 19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන එක්දින තරඟයේ අර්ධ අවසනෟ පූර්ව තරඟ මේ වන විට ආරම්භ තිබෙනවා.

Group D කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින් ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට අද සමත් වුනා.

අද තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඇෆ්ඝනිස්තානයට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන යොවුන් පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව ලකුණු 26ක් වන විට ඔවුන්ගේ පළමු කඩුලු 4ම දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්ව සිටියා.

Bilal Sayedi ලකුණු 6කටත්, Nangeyalia Kharote ලකුණු 13කටත්, නායක Suliman Safi එක් ලකුණකටත්, Ijaz Ahmad Ahmadzai ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.

පළමු කඩුල්ල ට්‍රෙවීන් මැතිව් විසින් දවා ගත් අතර, සෙසු කඩුලු 3 දවා ගත්තේ විනුජ රන්පුල් විසිනුයි.

ඒ අනුව ලකුණු 135ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 46 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණයි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ දැඩි පසුබෑමක් පෙන්නුම් කළ මෙම තරගයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 43ක් වන විට කඩුලු 7ක් දැවී ගොස් දැඩි අසීරු තත්වයක පසු වූවා.

ඒ අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 සීමාව ඉක්මවා යාම පවා දැඩි අසීරු වාතාවරණයක් ගනු ලැබුවා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට සමත් වූයේ මිඳු වික්‍රමසිංහ පමණයි.

අනතුරුව පිටියේ එක් වූයේ ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ සහ රවීන් ද සිල්වාය.

තරඟයේ වාතාවරණයට ගැලපෙන පිතිකරණයක් දියත් කළ මෙම පිතිකරුවන් දෙදෙනා අවශ්‍යම මොහොතේ ලකුණු 69ක සබඳතාවයක් පිහිටුවමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ස්ථාවරත්වයක් ගෙන දුන්නා.

කෙසේ නමුත් නායක දුනිත් ලකුණු 34 ක දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම යළිත් ආරම්භ වූ අතර අනතුරුව රවින් සිල්වා ද ලකුණු 21ට දැවී ගියා.

ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන කඩුල්ල වෙනුවෙන් ලකුණු 19ක් රැස් කර ගැනීමට අවශ්‍ය වූවා.

අනතුරුව පිටියේ එක්වූ විනුජ රාන්පූල් සහ ට්‍රවීන් මැතිව් සාර්තක ලකුණු රැස්කිරීමක පෙන්නුම් කලත් ට්‍රවීන් ව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත් වුණේ තරඟයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමිනි.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ Bilal Sami කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකුම දුවද්දී දැවී යාම් වලට හසු වී දැවී යාමයි.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ 19 න් පහළ ලෝක කුසලාන ගමන් මග මෙතැනින් නිමා වන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button