Cricket NewsEXCLUSIVEInternationalUnder-19

19 න් පහල ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරඟය ශ්‍රි ලංකාව පරාජය වීමත් සමග විස්තර විචාරයේ නිරත වී සිටි රසල් ආනල්ඩ් සංවේදී වූ අයුරු – වීඩියෝ සහිතයි

Group D කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙස අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින් ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට අද සමත් වුනා.

ලකුණු 135ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 46 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණයි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ දැඩි පසුබෑමක් පෙන්නුම් කළ මෙම තරගයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 43ක් වන විට කඩුලු 7ක් දැවී ගොස් දැඩි අසීරු තත්වයක පසු වූවා.

ඒ අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 සීමාව ඉක්මවා යාම පවා දැඩි අසීරු වාතාවරණයක් ගනු ලැබුවා.

ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට සමත් වූයේ මිඳු වික්‍රමසිංහ පමණයි.

අනතුරුව පිටියේ එක් වූයේ ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ සහ රවීන් ද සිල්වාය.

තරඟයේ වාතාවරණයට ගැලපෙන පිතිකරණයක් දියත් කළ මෙම පිතිකරුවන් දෙදෙනා අවශ්‍යම මොහොතේ ලකුණු 69ක සබඳතාවයක් පිහිටුවමින් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ස්ථාවරත්වයක් ගෙන දුන්නා.

කෙසේ නමුත් නායක දුනිත් ලකුණු 34 ක දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම යළිත් ආරම්භ වූ අතර අනතුරුව රවින් සිල්වා ද ලකුණු 21ට දැවී ගියා.

ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන කඩුල්ල වෙනුවෙන් ලකුණු 19ක් රැස් කර ගැනීමට අවශ්‍ය වූවා.

අනතුරුව පිටියේ එක්වූ විනුජ රාන්පූල් සහ ට්‍රවීන් මැතිව් සාර්තක ලකුණු රැස්කිරීමක පෙන්නුම් කලත් ට්‍රවීන් ව දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත් වුණේ තරඟයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමිනි.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ Bilal Sami කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකුම දුවද්දී දැවී යාම් වලට හසු වී දැවී යාමයි.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ 19 න් පහළ ලෝක කුසලාන ගමන් මග මෙතැනින් නිමා වන අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.

19 න් පහල ශ්‍රි ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරඟය ශ්‍රි ලංකාව පරාජය වීමත් සමග විස්තර විචාරයේ නිරත වී සිටි රසල් ආනල්ඩ් සංවේදී වූ අයුරු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7