Cricket NewsEXCLUSIVE

“අනූ ගණන්වල ඉඳලා මැච් බලපු පරම්පරාවට අර්ජුන වගේම, ජයසූරිය වගේම, බන්දුල සමන් වතුරේගමත් වීරයෙක්” – කව්ද මේ බන්දුල සමන් වතුරේගම ?

බන්දුල සමන් වතුරේගම මේ නම මේ දින වල බොහෝ තැන් වල ඇසෙන බොහොම ජනප්‍රිය නමක්, මේ කාලයේ පමණක් නොවේ එය සුවහසක් ක්‍රිකට් ලෝලීන්ට කිසිදා අමතක නොවන සටන්කාමී ජයග්‍රාහී නාමයක්, බන්දුල සමන් වතුරේගම නාමය මෙරට ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය පරිජ්ජෙදයක රන් අකුරින් ලියැවී තිබෙන්නේ රුපවාහිනී, ජංගම දුරකථන, අන්තර්ජාල සම්බන්දතා කිසිවක් නොතිබූ නොඇසූ කාල වකවානුවක ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිටින ක්‍රිකට් රසිකයන්ට ක්‍රීඩාංගනයේ සිට තරඟය නරඹනවාක් මෙන් දැනෙන ක්‍රීඩාශීලි අත්දැකීමක් “ගුවන්විදුලියෙන්” ඔහුගේ හඬ ඔස්සේ ඔහුගේම ශෛලියකට ඔහු ගෙන ආ විස්තර විචාරය හේතුවෙනි.

එදා 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ලංකාව ජයග්‍රහණය කරන අයුරු මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් නැරඹුවේ රූපවාහිනියෙන් නොවේ, බන්දුලගේ හඬිනි. ඔහුගේ හඬ එතරම් ප්‍රභල වන්නේ එබැවිනි.

සමාජ මාධ්‍ය අවකාශයේ ඔහුගේ රසිකයකු ඒ පිළිබඳව සටහන් තබා තිබුනේ මෙලෙසිනි,

“96 World Cup එකේ final එක මම “දැක්කේ” රේඩියෝ එකෙන්. සිංහල බසින් විස්තර විචාරය ගෙනාවේ ප්‍රේමසර ඈපාසිංහ සහ බන්දුල සමන් වතුරේගම. මට අද වගේ මතකයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ළංවෙද්දී විස්තර විචාරය කරගෙන ගියේ ඉංග්‍රීසි භාෂාවෙන්. නියම විදිහට සිංහල භාෂා විස්තර විචාරයට අවස්ථාව ලැබෙන්න තව ඕවර් තුනක් යවන්න ඕනි. ඒත් මේ වෙලාවේ බන්දුල සමන් වතුරේගම මයික් එක ඉංග්‍රීසි භාෂා විස්තර විචාරකයන්ගෙන් ඇදලා ගන්නවා.

“අපිට මේ ජයග්‍රහණයේ පණිවිඩය මව් භාෂාවෙන් කියන්න දෙන්න” වගේ දෙයක් ඔහු කියනවා මට මතකයි. ඒ කාලෙත් රේඩියෝ එකේ ක්‍රිකට් විස්තර විචාරය් කරද්දී හතරේ පහරක් ගැහුවොත්, විකට් එකක් ගියොත් එතනදී ඇඩ් එකක් යනවා.

“හතරේ පහරක්. ඒ හතරේ පහර ඔබ වෙත ගෙන ආවේ…..” “දැවීයාමක් ඔබත් ……….සමඟ නම් කවදාවත් දවාලිය නොහැකියි”. මේ විදිහට ඒ කාලේ ඇඩ් ගියා. දැනුත් එහෙම ඇති. මට හොඳට මතකයි එදා 96 World Cup එකේ final එකේ අපි ජයග්‍රහණයට ආසන්නව ඉද්දී බන්දුල සමන් වතුරේගම Radio එකේ producer ලා ගෙන් ගේම ඉල්ලනවා. “මේ වෙලාවේ ඇඩ් දාන්න එපා. අපිට මේක දිගටම කරගෙන යන්න අවස්ථාව දෙන්න” කියලා ඇත්තටම අපි අන්තිම ඕවර් තුන ඇහුවේ (බැලුවේ) ඇඩ් නැතුව. අනූ ගණන්වල ඉඳලා මැච් බලපු පරම්පරවාට අර්ජුන වගේම, ජයසූරිය වගේම, පර්සි වගේම බන්දුල සමන් වතුර්ගමත් වීරයෙක්.

වාහනේ යන ගමන් හෝ TV හෝ YouTube පහසුකම් නැති නිසා හෝ Radio එකෙන් මැච් එක අහන රසිකයන්ට “මැච් එක මවලා පෙන්වන්න” බන්දුල සමන් වතුරේගමට තාමත් පුළුවන්. (96 මම අහපු වොයිස් එක තමා තාමත් ඔහුට තියෙන්නේ. “ක්‍රිඩා ලෝලී හිතවතුනි එයම මොනතරම් භාග්‍යයක් ද?”)

96 අපිත් එක්ක අපේ ආච්චිත් මැච් එක ඇහුවා. ඇයත් අසීමිත අමන්දානන්දයක් ලැබුවා ඒ හඬ අහලා. ඇත්තටම ක්‍රිකට් මැවුම්කරණ ගුණයක් බන්දලගේ හඬේ තිබෙනවා. ”

බන්දුල සමන් වතුරේගම නාමය ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව හා බැඳී ඇත්තේ මෙලෙසිනි. ඔහුගේ “හඬේ” ප්‍රභලත්වය අපි දනිමු, ඔහුගේ සටන්කාමී ජයග්‍රාහී හඬ එලෙසමය, කොටින්ම බන්දුල වයසට ගියත් ඔහුගේ හඬ තවමත් තරුණය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button