Cricket NewsEXCLUSIVE

“බංගලාදේශ ක්‍රිකට් ආයතනය සැරින් සැරේ ACC එකට කතා කරලා ආසියානු කුසලානය එහෙ තියන්න ඉල්ලුවා, නමුත් ACC එය ප්‍රතිෂේප කරලා සත්කාරකත්වය ශ්‍රී ලංකාවටම දුන්නා” – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්

මීට මාස කිහිපයකට ඉහතදී මේ වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය හෙබවීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාව යි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පවතින වර්ථමාන අස්ථාවර තත්වය හේතු කොට ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගියදා තීරණය කලේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට තිබියදීම තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙනයාමටයි .

මේ සම්භන්දයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා,

“ආසියානු ක්‍රිකට් තරඟාවලිය අපි හුඟාක් බලාපොරොත්තුව හිටියා මෙහේ පවත්වන්න, අපේ අවාසනාවන්ත කමකට තමයි LPL එක කල් ගියේ.. බැරිවෙලාවත් LPL එක ගැහුවා නම් ආසියානු කුසලානයත් අපට මෙහේ පවත්වාගෙන යන්න තිබුනා..නමුත් එක්සත් අරාබි එමීර් රාජධානියේ පැවැත්වීම නිසා යම්කිසි වාසි දායක තත්ත්වයක් තියෙනවා.මොකද සත්කාරකත්වය අපේ නිසා ඔවුන් අපට ඩොලර් මිලියන දෙක හමාරක් සහ ටිකට්ස් වල මුදලෙන් ඩොලර් මිලියන එක හමාරක් ලබා දෙන්න පොරොන්දු උනා.. අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන හය හමාරක විතර ආදායමක් අපට ලැබෙයි කියලා.සමහර පුද්ගලයිනුත් උත්සාහ කලා මේක කඩාකප්පල් කරන්න,ඒ ගැනත් අපි අවධානෙනුයි හිටියේ.”

එමෙන්ම මෙම තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙන බව දැන එය ලබාගැනීමට බංග්ලාදේශය දැඩි උත්සාහයක නිරත වී තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේඛම් මොහාන් ද සිල්වා මෙහිදී ප්‍රකාශ කල අතර කෙසේ නමුත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය එය ප්‍රතික්ෂේප කර සත්කාරකත්වය ශ්‍රී ලංකාවට තිබියදීම තරඟ පැවැත්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය භාවිත කිරීමට එකඟ වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැවැත්වූ එම විශේෂ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7