Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානය සහ T20 ලෝක කුසලනය ඉලක්ක කරමින් පැවැත්වෙන වර්ණ සංග්‍රාමයට සියල්ල සුදානම් – පුහුණුකරුවනුත් නම් කෙරේ.!

එළඹෙන ආසියානු කුසලාන තරඟාවලිය සහ විස්සයි-20 ලෝක කුසලානය සඳහා වන සංචිත තෝරාගැනීමේ අරමුණින් දෙවන වරටත් පැවැවීමට නියමිත SLC ආරාධිත විස්සයි -20 ක්‍රිකට් තරඟාවලිය අගෝස්තු 8 වැනිදා ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් 4 පුහුණු කාර්යමණ්ඩලය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා.

මෙම තරඟාවලියට කණ්ඩායම් 4ක් තරඟ වදින අතර Team Greys, Team Greens, Team Blues සහ Team Reds එම කණ්ඩායම් 4යි. එමෙන්ම මෙම කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස පිලිවෙලින් අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, මනෝජ් අබේවික්‍රම සහ දර්ශන ගමගේ යන පුහුණුකරුවන් කටයුතු කිරීමට නියමිතයි.

මෙම කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග 7කින් සමන්විත මෙම තරගාවලියේ සියලු තරග කොලබ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය අගෝස්තු 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිත ඉන් අනතුරුව ප්‍රක්ෂයට පත් කිරීමට නියමිතය

SLC ආරාධිත විස්සයි -20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාල සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7