Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාව වට්ටන්න බංගලාදේශය ආබාධයකට ලක්ව සිටින Taskin Ahmed ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කරයි.

සැනකෙළිය 20-20 ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ සීමිත දින කිහිපයක් පමණයි.මෙවර කුසලානය ජයග්‍රහනය කිරීමේ අරමුණින් කණ්ඩායම් 20ක් මෙවර තරගාවලියට සූදානම් වෙමින් සිටිනවා.

ඒ සූදානම අස්සේ අමෙරිකා කණ්ඩායම හමුවේ තරගාවලි පරාජයකට ලක් වූ බංග්ලාදේශ කණ්ඩායමේ වේග පන්දු යවන්නකු වූ Taskin Ahmed ආබාධයකට ලක්ව සිටියත් ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුලත් කරනු ලැබුවා.

එම කණ්ඩායමේ පුහුණුකරුවන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව දැක් වූ දස්කම් හේතුවෙන් ඔහු මෙම සංචිතයට ඇතුලත් කළ බවටයි.

ආබාධයකට ලක් වූ Taskin Ahmed මේ වන විට සුව වෙමින් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ප්‍රථම තරගය සඳහා ඔහු කැඳවීමට නියමිත බවටත් වාර්තා වෙනවා.

බංගලාදේශය ඔවුන්ගේ T20 ලෝක කුසලාන තරඟාවලිය ජුනි 7 වනදා ශ්‍රී ලංකාවට එරෙහිව ඩලාස්හිදී ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
14
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button