Cricket NewsEXCLUSIVEInternational

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බංගලාදේශය ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කරයි.!

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශය අතර ආරම්භ වූ තරඟ දෙකකින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 7ක තියුණු ජයක් වාර්තා කළ බංගලාදේශය 1-0ක් ලෙස තරඟාවලිය පෙරමුණ ගැනීමට සමත් වුවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Afif Hossain පන්දු 55කදී ලකුණු 77ක් වාර්තා කිරීමට සමත් වුනා. Nurul Hasan ලකුණු 35ක් රැස් කළ අතර Litton Das ලකුණු 13ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Palaniapan Meiyappan කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 159ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යට පිතිකරුවන් පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරිමට් ඇහැකි වුයේ ලකුණු 151ක් පමණයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Chirag Suri පන්දු 24ක් තුල වෙගවත් ලකුණු 39ක් රැස් කල අතර Aayan Afzal Khan ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mehidy Hasan සහ Shoriful Islam කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7