Cricket NewsEXCLUSIVE

වෙසක් සමය සිය පවුලේ අය සමගින් ගත කිරීම සඳහා බංගලාදේශ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් ශ්‍රී ලංකාවට පැමිණෙයි.!

බංග්ලාදේශ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් මහතා එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි නොවන බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

ඒ පවුලේ සාමාජිකයන් සමගින් රැඳී සිටීම සඳහා ඔහු නිවාඩු ඉල්ලුම් කර තිබෙන නිසාය.

”රංගන හේරත් ඔහුගේ පවුලේ අය සමඟ සිටින බැවින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සහභාගි වෙන්නේ නෑ,” යයි බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යාක්‍ෂ ඛලීඞ් මහමුද් මහතා මාධ්‍යට තහවුරු කර සිටියා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම සමඟ රැඳී සිටීමට රංගන හේරත් තීරණය කර තිබෙන අතර මෙම දින කිහිපයෙන් පසුව රංගන නැවතත් බංගලාදේශය සමග එක් වීමට නියමිතය.

පසුගිය වසරේ පැවැති සිම්බාබ්වේ සංචාරය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස එක් වූ රංගන හේරත්ගේ ගිවිසුම මේ වසරේ අග ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානය දක්වා දීර්ඝ කරන ලදී.

කොදෙව් සංචාරය සඳහා හේරත් වෙනුවට වෙනත් දඟපන්දු පුහුණුකරුවකු ආදේශ කිරීම පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය තවමත් තීරණයක් ගෙන නොමැති අතර බංගලාදේශයේ ප්‍රමුඛතම දඟ පන්දු පුහුණුකරුවකු වන සොහෙල් ඉස්ලාම් කොදෙව් සංචාරය සඳහා තෝරා ගැනීමට ඉඩ තිබෙන බව වාර්තා වේ.

ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත කොදෙව් සංචාරය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ජුනි 6 වැනිදා ඩකා නුවරින් පිටත්ව යාමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය ජුනි 16 සිට 20 දක්වා ඇන්ටිගුවාහිදී පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් තරගය ජුනි 24 සිට 28 දක්වා ශාන්ත ලුසියාහිදී පැවැත්වේ.

පළමු විස්සයි20 තරග දෙක පිළිවෙලින් ජූලි 2 සහ 3 යන දිනවල ඩොමිනිකාහිදී පැවැත්වෙන අතර තෙවැනි තරගය ජූලි 7 වැනිදා ගයානාහිදී පැවැත්වෙන අතර ජූලි 10, 13 සහ 16 යන දිනවලදී එක්දින තරග තුනද ගයානාහිදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7