Cricket NewsEXCLUSIVEInternational

වනිදු හසරංගට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තෙවෙනි එක්දින තරගයද සමග එක්දින තරගාවලියද බංගලාදේශය ජයගනී

ශ්‍රී ලංකා පිතිකරුවන් මැනවින් පාලනය කරගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ චැටෝග්‍රෑම් නුවරදී අද (18 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් අත්කර ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී ලබාගත් ලකුණු 235 ට පිළිතුරු ලෙසින් ඕවර 40.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් ලබාගත් බංග්ලාදේශීහු පන්දු 58 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත්හ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙසින් සත්කාරයන් විසින් ජයගන්නා ලදහ. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් මේ වසරේදී (2024) පරාජය වූ පළමුවැනි තරගාවලියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button