Cricket NewsEXCLUSIVEUnder-19

එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම එංගලන්තයට – දුනිත් වෙල්ලාලගේගෙන් හිස්වූ නායකත්වය රවීන් ද සිල්වාට.!

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ අද දිනයේදී එංගලන්තය බලා පිටත්ව ගියා.

මිට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවූ දුනිත් වෙල්ලාලගේ ජාතික කණ්ඩායමට පැමිණීම හේතුවෙන් නායකත්වය කොළඹ නාලන්දා විදුහලේ දකුණත් පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක, රවීන් ද සිල්වාට හිමිවුනා.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිව්දින ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 3 කට සහබාගි වීමට නියමිතය. මෙම තරගාවලිය සදහා නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනා අතරට ක්‍රීඩකයින් 11 දෙනකුම මීට පෙර වයස අවුරුදු 19 න් පහළ ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩකයෝ වීම, තරගාවලියේ ජයග්‍රහණය කිරීම පිළිබඳ වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට ධනාත්මක කරුණක් ලෙසින් හැඳින්විය හැක.

එමෙන්ම අවසන් වරට එංගලන්ත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවේ කරන ලද තරග 5 කින් සමන්විත එක්දින තරග සංචාරයේදී ද තරගාවලිය 3-2 ක ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත්වීමද තවත් අතිරේක වාසියක් ලෙසින් හැඳින්විය හැක.

එම තරගාවලියේදී නායක රවීන් ද සිල්වා හැරුණු කොට නම් කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටින ෂේවෝන් ඩැනියල්, පවන් පතිරාජ, සදීෂ රාජපක්ෂ, වනුජ සහන්, මල්ෂ තරුපති, ට්‍රෙවීන් මැතිව්, විනුජ රන්පුල්, අංජල බණ්ඩාර, රනුද සෝමරත්න සහ අභිෂේක් ලියනාරච්චි යන ක්‍රීඩකයින් ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු වතාවට ජෙහාන් මුබාරක්ගේ පුහුණුකාරීත්වය යටතේ මෙම තරගාවලියට ක්‍රීඩා කරනු ලබයි. ඔහුගේ සහායකයා ලෙස චමිල ගමගේ කටයුතු කරන අතර එම තනතුරට අමතරව වේග පන්දු පුහුණුකරු ලෙසින්ද ඔහු කටයුතු කරනු ඇත. ප

න්දු රැකීමේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක ගයාන් විජේකෝන්ද, භෞත චිකිත්සක ලෙස ප්‍රියන්ත වික්‍රමසිංහ සහ අභ්‍යාසක ලෙස බුද්ධික හේරත් ද කලමනාකරු ලෙස ජයන්ත සෙනෙවිරත්න යන මහත්වරු කටයුතු කරති.

ශ්‍රී ලංකා 19 පහළ යොවුන් කණ්ඩායම, ඔවුන්ගේ පාසල සහ ප්‍රදේශය පහතින්

අභිෂේක් ලියනආරච්චි – ඩී.එස්. සේනානායක – කොළඹ

පවන් පතිරාජ – ත්‍රිත්ව – මහනුවර

රනුද සෝමරත්න – ත්‍රිත්ව – මහනුවර

සදීෂ රාජපක්ෂ – රාජකීය – කොළඹ

ෂේවෝන් ඩැනියෙල් – ශාන්ත ජෝෂප් – කොළඹ

අන්ජල බණ්ඩාර – මහානාම – කොළඹ

ළහිරු දවටගේ – ශා.පීතර – කොළඹ

රවීන් ද සිල්වා (නායක) – නාලන්දා – කොළඹ

වනුජ සහන්  – ශා.පීතර – කොළඹ

විනජු රන්පුල් – නාලන්දා – කොළඹ

මල්ෂ තරුපති – රිච්මන්ඩ් – ගාල්ල

දුවිඳු රණතුංග – මහානාම – කොළඹ

සහන් මිහිර – ශා.ජෝන් – කලුතර

දුලාජ් සමුදිත – රාජපක්ෂ මැදි මහ – හම්බන්තොට

ට්‍රෙවීන් මැතිව් – ශා.අන්තෝනි – මහනුවර

හසිත අමරසිංහ – ශ.සර්වේෂස් – මාතර

කැනිස්ටන් ගුණරත්නම් – ශා. තෝමස් – කොළඹ

අසිත වන්නිනායක – ශා.අන්තෝනි – මහනුවර

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7