Cricket GossipCricket NewsEXCLUSIVEInternational

බෙන් ස්ටෝක්ස්ගේ නි‍වෙස හොරු බිද ලෝක කුසලාන රන් පදක්කමත් සොරා ගනී

එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස්ගේ එංගලන්තයේ ඊසානදිග කාසල් ඊඩ්න්හි ඩර්හැම් ප්‍රදේශයේ පිහිටි නි‍වෙස හොරු බිඳියි. ස්ටෝක්ස් මේ දිනවල පාකිස්තානයේ ටෙස්ට් තරග සංචාරයක නිරතව සිටින අතරතුරදී මෙය සිඳුවූ වූ අතර, සොරු නි‍වෙසට ඇතුලුවන අවස්ථාවේදී ස්ටෝක්ස්ගේ බිරිඳ ක්ලෙයාර් සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා සිට ඇත.

එංගලන්ත ක්‍රිකට් නායකයා මාධ්‍යයට පවසා ඇත්තේ වෙස්මුහුණු පැළදගත් මිනිසුන් පිරිසක් විසින් එය සිදු කර ඇති අතර, මෙම සිදුවීම තම මානසික තත්ත්වයට බලපෑමක් ඇති කළ බවයි. සොරකම් කළ ඔහුගේ වටිනා භාණ්ඩ නැවත ලබා ගැනීමට සහ සොරුන් අල්ලා ගැනීමට උදව් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සොරකම් කරන ලද ස්වර්ණාභරණ හා මුදල්වලට අමතරව ආදේශ කළ නොහැකි භාණ්ඩ ඇති අතර ස්ටෝක්ස්ගේ කුසලාන හා පදක්කම් රාශියක්ද ඒ අතර වූවේය. 2019දී එංගලන්තයේ පැවැති පළමු ඕවර 50 ලෝක කුසලාන ජයග්‍රහණය සහ ඉන් පසුව පැවති අළු බඳුන තරගාවලියේ ඔහුගේ අපූරු දස්කම්වලින් පසුව 2020 මුල් භාගයේදී ඔහුට පිරිනමන සුවිශේෂී රන් පදක්කම්ද තිබී ඇත.

පාකිස්තානයේ සිටියදී තම පවුලට හොඳින් සහයෝගය දැක්වීම ගැන එංගලන්ත පොලිසියට ප්‍රශංසා කළේය.

“මේ අපරාධයේ නරකම දෙය නම් මගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා නි‍ෙවසේ සිටියදී මෙය සිදු කිරීමයි. මගේ පවුලේ අයගේ චිත්තවේගීය හා මානසික තත්ත්වයට මේ අත්දැකීම බලපා ඇති බව මට තේරුම් ගත හැකියි. පොලිස් සේවයට ස්තූතිය පුද කිරීමට අවශ්‍යයි. මම පාකිස්තානයේ සිටින අතරතුර, මගේ පවුලට ඔවුන්ගේ සහයෝගය ලැබුණා. ඔවුන් සොරු සොයා ගැනීමට ඇදහිය නොහැකි තරම් වෙහෙස මහන්සි වී වැඩ කරනවා“ ස්ටෝක්ස් පැවැසීය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button