Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings ක්‍රිඩකයන් සමග භානුක රාජපක්ෂ පුහුණුවීම් අරඹයි – පුහුණුවීම් වල නියැලෙන වීඩියොවක් මාධ්‍යට.!

භානුක රාජපක්ෂ සැලකෙන්නේ කලකට පසුව ශ්‍රී ලංකාව සොයාගත් ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසටයි.

එමෙන්ම ඩිල්ශාන් සංගා මහේල පරම්පරාවෙන් පසු පිතිකරුවකු ලෙස පමණක්ම එක් වන පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට භානුක රාජපක්ෂව Punjab Kings කණ්ඩායම විසින් ක්‍රිඩක වෙන්දේසියේදි මිලට ගනු ලැබුවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා භානුක රාජපක්ෂ පසුගිය දා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඔහු මේ වන විට Renaissance Mumbai Convention Center හෝටලයේ තිබෙන ක්‍රිඩක ජෛව බුබුලට ද ඇතුළත්ව සිටිනවා.

Punjab Kings කණ්ඩායම ඔවුන්ගේ IPL 2022 ප්‍රථම තරඟය දැඩි රසික ආකර්ෂණයක් හිමි Royal Challenges Bangalore කණ්ඩායමට එරෙහිව මාර්තු 27 වන දින තරඟ වැදිමට නියමිතයි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් හි දැනට පැවැත්වෙන එංගලන්ත සංචාරය හේතුවෙන්, Punjab Kings පළමු මට්ටමේ විදේශීය තේරීම වන ජොනි බෙයාර්ස්ටො හට පලමු තරඟය අහිමි වීමේ අවධානමක් පවතිනවා.

ඒ තරඟාවලියේ 3 වන ටෙස්ට් තරඟය මාර්තු 24 සිට 28 දක්වා ක්‍රියාත්මක වීම හේතුවෙනි.

ඒ හේතුවෙන් ජොනී බෙයාර්ස්ටෝ හට එළඹෙන 27 වනදා පැවැත්වෙන ඔවුන්ගේ පළමු තරඟයට සහභාගී නොවනු ඇත.

එබැවින් භානුක රාජපක්ෂට මැදපෙළ පිතිකරුවෙකු ලෙස Punjab Kings සමාරම්භක තරඟයට පෙනී සිටීමට විශාල අවස්ථාවක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

මේ අතර භානුක රාජපක්ෂ Punjab Kings කණ්ඩායම සමග එක් වී සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ඊයේ දිනයේදී තම ප්‍රථම පුහුණු සැසියට සහභාගි වූ භානුක රාජපක්ෂ අද දිනයේදීත් පුහුණුවීම් වල නියැලී තිබුණා.

එහිදී පුහුණු දැල් (Practice net) දැන් තුළ ඔහු පුහුණු වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද Punjab Kings සමාජ මාධ්‍ය ඒකකය විසින් ප්‍රචාරය කර තිබුණා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button