Cricket NewsEXCLUSIVESchool Cricket

19න් පහළ කාන්තා පිටියෙන් ලකුණු 552ක දැවැන්ත ආරම්භක සබඳතාවයක් වාර්තා වෙයි – කවුශිනිගෙන් ත්‍රිත්ව ශතකයක්.!

මේ දිනවල පැවැත්වෙන අන්තර් පළාත් කාන්තා 19 පහල ක්‍රිකට් පිටියෙන් අපූරු ක්‍රිකට් තරඟයක් පිළිබඳ විස්තර අපට වාර්තා වුනා.

ඒ Group F කාණ්ඩය යටතේ නුගේගොඩ අනුලා විද්‍යාලය සහ වේයන්ගොඩ මාරපොල මහා විද්‍යාලය අතර පැවති තරඟයේදියි.

පන්දු වාර 30ක තරගයක් වූ මෙම තරඟයේදී කාසිය වාසිය ජයග්‍රහණය කිරීමට නුගේගොඩ අනුලා විද්‍යාලය සමත්වූ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කළා.

විශේෂත්වය වන්නේ මෙහි දී නුගේගොඩ අනුලා විද්‍යාලයේ නියෝජනය කරමින් පිටියට පැමිණි ආරම්භක පිතිකරුවන් දෙපළ වූ කවුශිනි නුත්‍යංගා සහ ශිකාරි රණහංසි එකදු කඩුල්ලක් හෝ නොදැවී පන්දුවාර 30 ක්‍රීඩා කරමින් ලකුණු 552 ක දැවැන්ත ලකුණ පුවරුවක් ගොඩනැගීමට සමත් වීමයි.

එහිදී අනුලා විද්‍යාලය වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ කවුශිනි නුත්‍යංගා ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේ නොදැවී ලකුණු 374 ක් ලබා ගනිමිනි.

ඊට අනගි සහයක් ලබා දුන් ශිකාරි රණහංසි ලකුණු 116ක් රැස් කිරීමට සමත් වුණා.

ඊට පිළිතුරු වශයෙන් ලකුණු 553 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි මාරපොල මහා විද්‍යාලයේ කාන්තා කණ්ඩායමට පන්දුවාර 14කුත් එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 40ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ හිමාශා පෙරේරා ලකුණු 13 කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූ අතර හසිනි ලියනගේ කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව නුගේගොඩ අනුලා විද්‍යාලයට ලකුණු 512 ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණා.

තරඟයේ කෙටි ලකුණු සටහන පහතින්

නුගේගොඩ අනුලා විද්‍යාලය – 552/0 (30)Kaushini

කවුශිනි නුත්‍යංගා 374*, ශිකාරි රණහංසි 116*

වේයන්ගොඩ මාරපොල මහා විද්‍යාලය 40/10(14.1)

හිමාශා පෙරේරා 4/13, හසිනි ලියනගේ 3/12

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button