Cricket NewsEXCLUSIVE

භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ, මතිෂ පතිරණ ඇතුළුව ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පුහුණු සංචිතයක් නම් කෙරේ.!

එළඹෙන ජූනි මාසයේ 7 වන දා සිට ජූලි මස 12 දක්වා දින 35ක් පුරාවට මෙරට දී පැවැත්වෙන ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 10ක් අන්තර්ගතය.

ඒ විස්සයි-20 තරඟ 3ක්, එක්දින තරඟ 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් වශයෙනි. තරඟාවලිය පළමුව විස්සයි විස්ස තරඟත් ඉන් අනතුරුව එක්දින තරඟ සහ අවසානයේ ටෙස්ට් තරඟත් වශයෙන් පැවත්වීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ සඳහා වෙන⁣ වෙනම තාවකාලික පුහුණු සංචිත 3 ක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු නම්කර තිබෙන අතර දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එක්දින සහ විස්සයි-20 තරග අංශය සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකු බැගින් වන සේ සංචිත දෙකක් නම් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මෙහිදී එක්දින සහ විස්සයි-20 සංචිත සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේව නම් කර තිබෙන අතර කලක පටන් දැඩි ආන්දෝලනාත්මක ක්‍රීඩකයකු බවට පත් වූ භානුක රාජපක්ෂවද නැවත සංචිතයට කැඳවා තිබේ.

ඒ අනුව නම් කරන ලද ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 සංචිත පහතින්,

විස්සයි-20 සංචිතය – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, නුවන් තුෂාර, කසුන් රාජිත, නිපුන් මාලිංග, ලහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මහේෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.

එක්දින සංචිතය – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, මහේෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.

ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත රසාංජන,ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button