Cricket NewsEXCLUSIVEIPL

IPL විනිසුරුවන්ගේ දුර්වල තීරණ පිළිබඳව උරණ වූ Gujarat Titans පිතිකරු මැතිව් වේඩ් ක්‍රීඩක විවේකාගරය තුල ආවේගශීලිව හැසිරෙයි.!

ඊයේ (19) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට තීරණාත්මක ජයක් උරුම කරදෙමින් මෙවර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගුජරාට් ටයිටන්ස් කණ්ඩාටම කඩුලු 8 ක පරාජයක් අත් වින්දේය.

ගුජරාට් කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙසින් මැතිව් වේඩ් දැවී ගිය අතර ඒ ග්ලෙන් මැක්ස්වෙල් විසින් යොමු කල පන්දුවක් පා ආවරණයේ දැවටීමෙන් ය. පිටියේ ප්‍රධාන විනිසුරුවරයා විසින් වේඩ් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසින් නම් කල නමුත් එය පියවි ඇසට පෙනුනේ නොදැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසිනි.

කෙසේ නමුත් එම ක්ෂණයේම වේඩ් DRS ක්‍රමය වෙත යන්නට තීරණය කල අතර එහිදීද පන්දුවර එකවර පහත්ව යන ආකාරය පෙනෙන්නට තිබුණි.

ඒ හේතුවෙන් වේඩ් යලිත් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙසින් නම් කල අතර එම තීරණය පිළිබඳව ඔහු එතරම් සතුටු වන බවක් පෙනෙන්නට නොතිබුණි. කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වල සංසරණය වූයේ දැවී යාමෙන් අනතුරුව ක්‍රීඩක විවේකාගාරයට යන වේඩ් තම ආම්පන්න පොළවේ ගසමින් ආවේගශීලීව හැසිරෙන ආකාරයයි.

කෙසේ නමුත් මේ සිදු වීමට එරෙහිව IPL බලධාරීන් මැතිව් වේඩ්ට එරෙහිව දඬුවම් පැනවීමට තීරණය කර තිබෙනවා ඒ IPL ආචාරධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය යටතේ පළමු මට්ටමේ වරදක ලෙසයි. මැතිව් වේඩ් එය පිළිගෙන තිබෙන බවත් සඳහන්.

එම අවස්ථාවේ දර්ශන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button