Cricket NewsEXCLUSIVETrending Article

ඩිල්ශාන්, සංගා, මහේල ක්‍රීඩා කර වසර 9කට පසුව IPL නියෝජනය කරන එකම “ශ්‍රී ලාංකීය පිතිකරුවා” – භානුක රාජපක්ෂ

වසර 2013 දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් යන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතාහාසයේ බිහිවූ නම් දැරූ දැවැතයන්ගෙන් පසුව 100%ක් පිතිකරුවෙකු ලෙස පමණක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නැවතත් ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාවක් ලැබෙන්නේ 2022 වසරේදීය.

අසේල ගුණරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් 2017 වසරේදි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලැබුවත් ඔවුන් තුන්ඉරියව් ක්‍රීඩකයින් ලෙස එම තරගාවලියට සහභාගි වූවා.

කෙසේ නමුත් 2013 වසර ඉක්මගොස් වසර 9කට පසුව 2022 වසරේ එම අවස්ථාව ලබා ගත් ශ්‍රී ලාංකිකයා වුයේ භානුක රාජපක්ෂයි.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී මෙන්ම අනතුරු පැවති ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙසින් හැඳින්වෙන T10 තරඟාවලියේ දීත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දීත් ඔහු දැක්වූ දස්කම් මත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී Punjab Kings කණ්ඩායම විසින් භානුක රාජපක්ෂව සිය කණ්ඩායමට එක් කර ගනු ලැබුවා.

ලොව ඉහළම වාණිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සැලකෙන්නේ ලොව නම් දැරූ විශිෂ්ටතම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පමණක් විවර වන අවස්ථාවක් ලෙසටයි.

ක්‍රිඩකයන්ගේ ජීවිත උඩුයටිකුරු කරන IPL තරඟාවලිය සඳහා මේ අතරෙනුත් පිතිකරුවන් ලෙසට එක් වීමට අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් අතලොස්සකට පමණයි.

ඒ අතරට අතරට මෑතකදී පැමිණීමට හැකි වූ එකම ශ්‍රී ලංකා නියෝජනය භානුක රාජපක්ෂයි.

එවැනි ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් බවට ඇස ගැටෙන මානයේ සාක්ෂි තිබෙන භානුක රාජපක්ෂව ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයෙන් ඉවත් කර තිබේ.

Skinfold සම්බන්ධයෙන් ප්‍රශ්නයක් බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංචිතය නම් කිරීමේදි අවසන් මොහොතේ මෙම තීරණය ලබා ගෙන තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

වර්තමාන ශ්‍රී ලංකාවේ සිටින එකම ලෝක මට්ටමේ පිතිකරුවා ලෙස (IPL වෙන්දේසියට අනුව) ජාත්‍යන්තරය පවා පිළි ගන්නා භානුක රාජපක්ෂට ලෝක කුසලාන තරඟාවලියක් කට උඩ තබාගෙන මෙලෙස ,ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයේ ස්ථානයක් අහිමි වීම කෙතරම් හාස්‍ය ජනකද ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button