Cricket NewsEXCLUSIVE

භානුක රාජපක්ෂට දිගින් දිගටම සිදුවන අසාධාරණයන්ට එරෙහිව රසිකයන් එක් වී ක්‍රිකට් ආයතනය වටළයි.!

එළඹෙන පෙබරවාරි 24 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා නිල ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ කටයුතු කර තිබුනා.

එහිදී විශේෂත්වය වන්නේ මේ වනවිටත් ජෛව බුබුලට ඇතුළත්ව සිටි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දියාවට එරෙහි විස්සයි-20 සංචිතයට කැඳවා නොතිබීමයි.

පසුගිය ලෝක කුසලාන තරගාවලිය පුරාවට ඉතා ඉහළ මට්ටමේ දස්කම් දැක්වීමට සමත් වූ භානුක රාජපක්ෂ අනතුරුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රශ්නයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු සංචාරය මගහැරුණා.

කෙසේ නමුත් පසුව එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සාර්ථකව අවසන් කළ භානුක රාජපක්ෂ ‍ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වු බව ක්‍රිකට් ආයතයම ප්‍රකාශ කරනු ලැබුවා.

එතිනින් නොනැවතී භානුක රාජපක්ෂව පසුගියදා ඉන්දීය සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජෛව බුබුළටද ඇතුලත් කරනු ලැබුවා.

කෙසේ නමුත් නියමිත SkinFold අගයට ඔහුට පැමිණීමට නොහැකිවී ඇති බව දක්වමින් විස්සයි-20 සංචිතයෙන් ඔහුව ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කලා

කෙසේ නමුත් භානුක රාජපක්ෂ වෙනුවෙන් මේ අවස්ථාවේ ක්‍රිකට් රසිකයන් රැසක් එක් වී තිබෙන අතර අද දහවල් 12 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් ක්‍රිකට් රසිකයන් මේ වන විටත් ක්‍රිකට් ආයතනය ආසන්නයට පැමිණෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7