Cricket NewsEXCLUSIVEIPL

දැවැන්ත හයේ පහර වර්ශාවක් සමග භානුක රාජපක්ෂ IPL පිටිය එකම ගිණිකෙළි සැණකෙළියක් කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 8වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ චාමික කරුණාරත්න නියෝජනය කරන Kolkata Knight Riders කණ්ඩායමත් අතර තරඟය ආරම්භ වූවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොල්කටා නයිට් රයිඩර්ස් නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා Punjab Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ නොදුන් Kolkata Night Riders පන්දු බලඇණිය තරගාවලියේ ප්‍රථම පන්දුවාරයේදීම Punjab නායක Mayank Agrwalගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 2කට එක් කඩුල්ලක් දැවී Punjab Kings කණ්ඩායම දැඩි අසීරු තත්වයක පසු වූවා.

අතුරුව Punjab Kings කණ්ඩායමේ තෙවන පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂයි.

පන්දු 9ක් තුළ පමණක් ක්‍රියාත්මක වූ භානුක රාජපක්ෂගේ ඉනිම Punjab Kings වෙත තිබූ පීඩනය සම්පුර්ණයෙන්ම නිදහස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉණිම වේගවත් ලකුණු 31 කින් වර්ණවත් වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 3ක් ඇතුළත් වූ අතර හතරේ පහර ද 3ක් ඇතුළත් වුණා.

භානුක රාජපක්ෂගේ ඉනිම ප්‍රහාරාත්මක වේගය 344.44 ක් ලෙස දැක්වූ අතර Shivam Mavi විසින් යොමු කරන ලද තරගයේ තෙවන පන්දුවාරය ප්‍රථම පන්දුව හතරේ පහරකින් ආරම්භ කළ භානුක රාජපක්ෂ, දේවන, තුන්වන සහ සිව්වන පන්දු 3ට පිළිවෙලින් දැවැන්ත හයේ පහරවල් තුනකින් සංග්‍රහයක් ලබා දුන්නා.

එම පන්දුවාරයේ 5වන පන්දුවේදී Punjab Kings අතට උඩ පන්දුවක් ලබා දෙමින් භානුක රාජපක්ෂ දැවී ගියා.

පන්දු 9ක් පුරා ක්‍රියාත්මක වූ භානුකගේ ඉණිම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button