Cricket NewsEXCLUSIVEIPL

පළමු තරඟයේ සිටම භානුක රාජපක්ෂ Punjab Kings කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රිඩා කිරීමේ වැඩි ඉඩක්.!

භානුක රාජපක්ෂ සැලකෙන්නේ කලකට පසුව ශ්‍රී ලංකාව සොයාගත් ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙසටයි.

එමෙන්ම ඩිල්ශාන් සංගා මහේල පරම්පරාවෙන් පසු පිතිකරුවකු ලෙස පමණක්ම එක් වන පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට භානුක රාජපක්ෂව Punjab Kings කණ්ඩායම විසින් ක්‍රිඩක වෙන්දේසියේදි මිලට ගනු ලැබුවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා භානුක රාජපක්ෂ පසුගිය දා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඔහු මේ වන විට සිය කණ්ඩායම සමග එක් වී පුහුණුවීම් වල ද නිරත වනවා.

Punjab Kings කණ්ඩායම මෙවර IPL 2022 තරඟාවලියේ ක්‍රිඩා කරන ප්‍රථම තරඟය දැඩි රසික ආකර්ෂණයක් හිමි Royal Challenges Bangalore කණ්ඩායමට එරෙහිව එළඹෙන මාර්තු 27 වන දින තරඟ වැදිමට නියමිතයි.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් හි දැනට පැවැත්වෙන එංගලන්ත සංචාරය හේතුවෙන්, Punjab Kings පළමු මට්ටමේ විදේශීය තේරීම වන ජොනි බෙයාර්ස්ටො හට පලමු තරඟ කිහිපය අහිමි වීමේ අවධානයක් මතු වී තිබෙනවා

ඒ තරඟාවලියේ 3 වන ටෙස්ට් තරඟය මාර්තු 24 සිට 28 දක්වා ක්‍රියාත්මක වීම හේතුවෙනි.

ඒ හේතුවෙන් ජොනී බෙයාර්ස්ටෝ හට එළඹෙන 27 වනදා පැවැත්වෙන ඔවුන්ගේ පළමු තරඟයට සහභාගී වීමට නොහැකි වනු ඇති අතර ඔහුට නිරෝධායන දින තුනක්ද ගත කිරීමට සිදු වීම නිසා පළමු තරඟ කිහිපය නිසැක වශයෙන්ම ඔහුට අහිමිව යනු ඇත.

එබැවින් භානුක රාජපක්ෂට Punjab Kings සමාරම්භක තරඟයට පෙනී සිටීමට විශාල අවස්ථාවක් තිබෙන අතර ආරම්භක පිතිකරුවකු ලෙස පිතිකරණ වගකීමද පළමු තරඟ කිහිපයේදී භානුකට හිමි වීමට විශාල ඉඩ කඩක් ඇත.

Punjab Kings නිළ වෙබ් අඩවියේ යාවත්කාලීන කර ඇති ආකාරයට මේ වන විට ( මෙම ලිපිය සකසන අවස්ථාවේ) තේරීම් සඳහා සුදුසුකම් ලබා සිටින පිතිකරුවන් ගණන තිදෙනෙකු වනවා.

ඒ නායක Mayank Agarwal, Shikhar Dhawan සහ භානුක රාජපක්ෂයි.

(එම නවතම යාවත්කාලීන කිරීම් දැන ගැනීමට Click කරන්න)

ඒ අනුව එළඹෙන 27වන දා RCB සමග පැවැත්වෙන තරඟයට භානුක රාජපක්ෂ ක්‍රිඩා කිරීමට විශාල ඉඩක් පවතිනවා.

ව්‍යායාම යන්හි යෙදෙන භානුකගේ ජායාරූප කිහිපයක් පහතින්

01

Bhanuka rajapaksa

02

Bhanuka rajapaksa

03

Bhanuka rajapaksa

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button