Cricket NewsEXCLUSIVEInternational

“ඇෆ්ගනිස්ථානය සමග තරගයට වඩා බංග්ලාදේශය සමග තරගය පහසුයි ” ශ්‍රි ලංකා නායක දසුන් ශානක ඊයෙ පරාජයෙන් අනතුරුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමින් විස්සයි-20 තරඟයකින් ප්‍රථම වරට ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයෙ සමත් වුනා.

එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු සදහන් කර සිටියේ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා සසදා බැලීමේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මීළග තරගය පහසු තරගයක් ලෙස සැලකිය හැකි බවයි.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ඉතා ප්‍රබල මෙන්ම ලෝක මට්ටමේ බලඇණියක් බවයි දසුන් පෙන්වා දෙන්නේ.

බානුක රාජපක්ෂ තරඟයක් වෙනස් කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් – දසුන් ශානක – staycricket.com

කෙසේ වෙතත්, බංග්ලාදේශ කණ්ඩායම සතුව එවැනි ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් නොමැති බව දසුන් ශානක විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මුස්ටර්ෆිසුර් රහ්මාන් හා ශකිබ් අල් හසාන් වැනි ඉතා දක්ෂ පන්දු යවන්නන් බංග්ලාදේශය සතු වන නමුත්, ඔවුන් හැර වෙනත් ලෝක මට්ටමේ පන්දු යවන්නන් බංග්ලාදේශය සතු නොවන බවයි දසුන් ශානක කියා ඇත්තේ..

ඒ අනුව ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය සංසන්ධනය කිරීමේ දී ඇෆ්ඝනිස්තානයට වඩා බංග්ලාදේශයට එරෙහි තරගය පහසු වනු ඇති බව ශ්‍රී ලංකා නායකයාගේ විශ්වාසයයි.

replay of , Afghanistan vs Sri Lanka, Group B, Asia Cup 2022, Dubai, August 27, 2022

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7