Cricket NewsEXCLUSIVEInternational

බලධාර්න් නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් 2023 දෘශ්‍යාබාධිත ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා දෘශශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමට අහිමි වීමෙ අවධානමක් .

ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාර්න් නිසි අවධානයක් යොමු නොකිරීමත්, අනුග්‍රාහකයකු සොයා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව ඇති 2023 දෘශ්‍යාබාධිත ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා දෘශශ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායමට අහිම්ව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අදාළ තරගාවලිය එළැඹෙන අගෝස්තු මාසයේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එසේම එම තරගාවලිය සඳහා කණ්ඩායමක් සහභාගි කරවන ලෙස ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය වෙත ආරාධනා ලැබී තිබුණද එයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම දුෂ්කර වීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතවී තිබේ.

එසේම අදාළ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා බලධාරීන් සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගනණාවකදී උත්සාහ දරා තිබුණද එම සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති බවද පැවැසේ. ක්‍රීඩා බලධාරීන් දක්වන මෙම ‘කුඩම්මාගේ සැළ කිල්ල’ හමුවේ මෙවර දෘශ්‍යාබාධිත ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරඟාවලිය සඳහා කණ්ඩායමක් සහභාගි වීම සම්බන්ධයෙන් එංගලන්ත පැරාලිම්පික කමිටුව වෙත දැන්වීමට අවස්ථාව ලබා දී තිබූ අවසන් දිනයද මේ වන විට ඉක්ම ගොස් ඇති බවද දැනගන්නට ඇත.

තත්ත්වය එසේ වුවත් ක්‍රීඩා බලධාරීන්ගේ නිසි මැදිහත්වීමක් සිදුවුවහොත් සහ ප්‍රමාණවත් අනුග්‍රාහකයකු සපයා ගැනීමට හැකියාව ලැබුණහොත් එංගලන්ත බලධාර්න් සමඟින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලානය සදහා එක්කරවීමට තවමත් හැකියාව පවතින බවද වාර්තා වේ.

එහෙත් ක්‍රීඩා බලධාරීන්ගේ මුනිවත රැකීම හමුවේ තම බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට සිදුව ඇති බවද සදහන්ය. කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම සහභාගි කරවීමට නම් එක් ක්‍රීඩකයකු වෙනුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය දිනකට ස්ටර්ලිං පවුම් 50ක පමණ වියදමක් දැරිය යුතු තත්ත්වයක් පවතින බවද දැනගන්නට ඇත.

එසේම මෙම තරගාවලිය සදහා එක්වන සෑම කණ්ඩායමකම ක්‍රීඩකයකු වෙනුවෙන් දිනකට පවුම් 100කට ආසන්න වියදමක් එංගලන්ත පැරාලිම්පික් සංගමය දරද්දී ඉහත සදහන් කළ පවුම් 50කට ආසන්න මුදල සපයා ගැනීමේ දුෂ්කරතාවය හේතුවෙන් මෙම තරගාවලිය සඳහා සහභාගි වීම අතහැර දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත.

ඒ අනුව ක්‍රීඩා ඒ බලධාර්න්ගේ නිසි මැදිහත්වීමක් හෝ අනුග්‍රාහකයකු සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී නොකරන බවට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ විධායක සභාව තීරණයකට එළැඹ ඇති බවද වාර්තා වේ.

ගමික දෙහිපිටිය (මව්බිම පුවත්පත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7