Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් රසිකයන්ගේ සියලු උත්සහයන් සාර්ථක කරමින්, භානුක රාජපක්ෂ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ජර්සියෙන් සැරසෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළා.

කෙසේ නමුත් මෙම තීරණය පිළිගැනීමට අකමැති වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් #Dontretirebhanuka නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර සිටියේ භානුකව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වන ලෙසයි.

ඒ අනුව සමාජ මාධ්‍යයන්ගේ ලැව් ගින්නක් මෙන් ව්‍යාප්ත වූ ප්‍රධානතම පුවත බවට මෙම දින කිහිපයේම පත් වුයේ භානුක රාජපක්ෂගේ විශ්‍රාම යෑමයි.

මේ අතර ඊයේ උදෑසන දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් භානුක රාජපක්ෂව මුණගැසී මෙම ගැටලුව පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබු අතර පසුගිය දිනෙක භානුක රාජපක්ෂගේ සමුගැනීමේ ප්‍රකාශය පිළිබඳව නැවත සලකා බලන ලෙසත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ක්‍රීඩා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ යටතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ද ඉල්ලා සිටියා.

ඒ අනුව භානුක රාජපක්ෂගේ අවසන් තීරණය අද දිනේ දී දැනුම් දීමට නියමිතව තිබූ අතර ඒ අනුව භානුක රාජපක්ෂ මෙම සුවහසක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ඉල්ලීමට කන් දෙමින් සිය ඉල්ලා අස්වීමේ නිවේදනය ඉවත්කරගෙන ඇත.

ඒ අනුව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ණ යටතේ භානුක රාජපක්ෂ ව දැක ගැනීමට මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදාවෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button