Cricket NewsEXCLUSIVE

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ක්‍රීඩකයන් ගැන ඉන්දියාවේ මුල් පුටු කිහිපයක්ම දෙදරා යන මතබේදාත්මක කරුණු රැසක් හෙළිදරව් කළ ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානි චේතන් ශර්මා තම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.!

ඉකුත් දා ඉන්දීය ප්‍රමුඛ පෙලේ මාධ්‍යක් සිදුකල හෙලිදරව් කිරීමත් සමඟ සමස්ත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටු කිහිපයක්ම දෙදරා යන සුළු පුවත් කිහිපයක් නිර්මාණය විය. එහි ආසන්නම පුවත වූයේ තහනම් උත්තේජක පරීක්ෂණ පවා මුලා කලහැකි එන්නත් ලබාගන්නා බව එහිදී ඔහු පවසා තිබුණි.

එමෙන්ම විරාට් කෝලි හා හිටපු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති අතර වූ සීතල යුධයෙන් පසුව විරාට් ගේ නායකත්වය අහිමි වූ බවත් කණ්ඩායම තුල රෝහිත් හා විරාට් වටා ගොඩනැගුණු කඳවුරු දෙකක් පවතින බවත් එහිදී ඔහු කියා සිටියේය.

රහස් කැමරා හා මයික්‍රොෆෝන යොදාගනිමින් මාධ්‍ය ආයතනයක් සිදු කල මෙම මෙහෙයුම අතර තුර පටිගත කල වීඩියෝ දර්ශන පවා මේ වන විට සංසරණ වීම අතිශය වේගවත්වී තිබේ. මේ සිදුවීමත් සමඟින් මෙම තොරතුරු හෙලිදරව් කල ඉන්දීය වත්මන් තේරීම් කමිටු සභාපති වරයා වන චේතන් ශර්මා අද පස්වරුවේ තම ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිල වශයෙන් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.

අනෙත් පාර්ශවයෙන් ඉන්දීය මාධ්‍ය මෙම රාවය අකා මකා දැමීමේ පිලිවෙතක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙන අතර බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලිය අතරතුර මෙම පුවත සංසරණය වීම තුල ඔස්ට්‍රේලියානු මාධ්‍ය දිගින් දිගටම මේ පිලිබඳව ප්‍රශ්න කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button