Cricket NewsEXCLUSIVELPL

භානුක රාජපක්ෂ යලිත් Galle Gladiators සමඟින් ගිවිසුම් ගත වෙයි !

මේ වසරේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි සංස්කරණය සඳහා වන Direct player Signs මේ දිනවල සිදුවෙමින් පවතී.දේශීය ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයින් වෙනුවෙන් LPL හි කණ්ඩායම් පහ අතර මේ වන තරමක සීතල යුද්ධයක් ද නිර්මාණය වී අවසන්.

විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඉකුත් වසරේදී දඹුල්ල Aura කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කල දෙවරක් අනුශූරයින් වූ Galle Gladiators හිටපු නායකයෙකු වන භානුක රාජපක්ෂ මේ වසරේදී යලිත් Galle Gladiators සමඟින් එක්ව තිබෙන බව සඳහන්.

පළමු සංස්කරණයන් දෙකේදීම අනුශූරයින් වූ Galle Gladiators පිලේ නායකත්වය හෙබවූයේ භානුක විසින් වන අතර පසුගිය වසරේදී ඔහු දඹුල්ල Aura සමඟින් එක්විය.දඹුල්ල කණ්ඩායම ප්‍රතික්ෂේප කරමින් මේ වසරේදී Galle Gladiators කණ්ඩායම සමඟින් අනෙකුත් ක්‍රීඩකයා වන්නේ වත්මන් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානකයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button