Cricket NewsEXCLUSIVE

පරාජය දරාගැනීමට නොහැකි RCB රසිකයන් Shubman Gillට සහ ඇගේ සහෝදරියට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ අසත්‍ය පුවත් මවයි.!

ඉකුත්දා RCB කණ්ඩායමට එරෙහිව පැවැති තරඟය Gujarat Titans ක්‍රීඩකයින් නිමා කලේ PLAY OFFS වටයෙන් ඉවතට RCB ක්‍රීඩකයින් ඇද දමමින්.කෝලිගේ ශතකයට නොදෙවෙනි වූ ශතකයක් ශුබ්මන් ගිල්ගේ පිත්තෙන් වාර්ථා වූ අතර නොදැවුණු ලකුණු 104 ක් වූ එම ඉනිම බැංගලෝරයෙන් තරඟය උදුරාගන්නට සමත් විය.

කෙසේ නමුත් ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය තුල වැඩිම අනුගාමකයින් පිරිසක් සිටින කණ්ඩායමට බවට සැලකෙන RCB කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් පරාජය ප්‍රතික්ෂේප කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නින්දිත අයුරින් අදහස් ප්‍රකාශ කරමින් ශුබ්මන් ගිල් හා ඇයගේ සහෝදරිය ඇතුලු පව්ලේ සමාජිකයින් හට විවිධාකාර තර්ජන කිරීම් සිදු කරමින් සිටී.

ගිල්ගේ සහෝදරිය වන Shahneel පවා සමහර රසිකයින්ගේ ඉලක්ක බවට පත්වූයේ විශේෂයෙන්ම තරඟයෙන් පසු ඇයගේ Instagram හි තැබූ සටහන හේතුවෙන්.

“මොනතරම් සම්පූර්ණ දවසක්ද,” යනුවෙන් සඳහන් කරමින් ඇය තරඟයේ ඡායාරූප කිහිපයක්ද උඩුගතකර තිබූ එම සටහන හේතුවෙන් දිගින් දිගටම ඇයට හා ගිල්ට සමාජ මාධ්‍ය ඔස්සේ RCB රසිකයින් ද්වේෂ comment පල කරන බවක් පෙනෙන්නට තිබුණි.

ගිල් සහ ඔහුගේ සහෝදරිය වෙත අසභ්‍ය ප්‍රකාශයන් සිදු කිරීම ට්විටර් තුලත් සුලභ වූ අතර අපයෝජනය තර්ජනයන්ද ඒ අතර සුලභ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
7
+1
1
+1
5
+1
4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7