Cricket NewsEXCLUSIVEIPLPremier League

තවත් දක්ෂයො ඉන්නවා අපේ රටේ ! ඒක් ලෝකයටම පෙන්නන මට්ටමට අපි එනවා අනාගතයේදී – භානුක රාජපක්ෂ

පෙරේදා මුම්බායි නුවර වංකඩේ ක්‍රීඩාංගණයේදී ප්‍රභල චෙන්නායි පිල ලකුණු 11 කින් පරාජය කරන්නට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් විය.පළමු කඩුල්ල දැවී යාමෙන් අනතුරුව භානුක හා දවාන් එක් කල ශතක සබඳතාවය පංජාබ් කිංග්ස් පිල ගෞරවනීය මට්ටමක් කරා ගෙන ආවේය.භානුක රාජපක්ෂගෙන් සාර්ථක නැවත පැමිණීමක් දක්නට ලැබුණි.

තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීෆයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වැඩි ගණනක් එක් වීම පිළිබඳව අදහස් ප්‍රකාශ කර සිටියා.ඔවුන් ලෝක කුසලාන තරඟාවලියේදී නැවත පිබිදුනු අයුරු ද සිහි කරන්නට භානුක අමතක නොකලේය.

“මුලින්ම අපි හැමෝටම ලබා දී ඇති අවස්ථාව ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න.ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ පසුගිය වසර දෙක තුළ අපට ලැබුණු විශිෂ්ටතම වසර එය නොවුනත් විශේෂයෙන් ලෝකයේ කුසලානයේදී දැක්වූ දස්කම් සමඟ දන්නවා ඔවුන් නැවත පැමිණියා.මම හිතන්නේ ඒක සියලුම IPL කණ්ඩායම් සඳහා ඇස විවර කරා

අපි හැමෝටම මෙතනට එන එක ලොකු අවස්ථාවක්,
ඒ වගේම හොඳම අය එක්ක සෙල්ලම් කරනවා. එකිනෙකා දැන හඳුනා ගැනීමට ලැබීම නිසා මෙතනින් අපිට ලැබෙන නිරාවරණය අතිමහත්, ඒ නිසා තෝරාගත් සියලුම දෙනා ගැන ගොඩක් සතුටුයි.

ඒ වගේම මම හිතනවා ලංකාවේ අපිට හොඳ දක්ෂතා තියෙනවා කියලා. එය පැමිණි හොඳම වසර නොවුණත් අපි එහි ගමන් කරමින් සිටිනවා ඇත්ත වශයෙන්ම අපි දැන් ඊට වඩා හොඳ වේවි.ඒක් ලෝකයටම පෙන්නන මට්ටමට අපි එනවා අනාගතයේදී

යනුවෙන් භානුක එහිදී ප්‍රකාශ කර සිටියේය.භානුක මෙන්ම සෙසු ලාංකික ක්‍රීඩකයින් හට ඉන්දීය ප්‍රිමියර්ලීගයේ දොරටු විවර වීම අපූරු තෝතැන්නකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button