Cricket NewsEXCLUSIVEIPL

Rajasthan Royals අතර තරඟයේදී ගුවනේ පාවී ගොස් විරාට් කෝලි රැකගත් සුපිරි උඩ පන්දුව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 39වන තරගය ලෙස ලෙස කුමාර් සංගක්කාර විසින් අධ්‍යක්ෂක ධුරය සහ ලසිත් මාලිංග විසින් වේග පන්දු පුහුණුකාරීත්වය දරන Rajasthan Royals සමග වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 29 ජයග්‍රහණයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත් වීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Royal Challengers Bangalore නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Rajasthan Royals කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 145ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන්ට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 115ක් පමණයි

තරඟය අතරතුර Harshal Patel විසින් යොමු කල Rajasthan Royals ඉනිමේ 17 වන පන්දුවාරයේ ප්‍රථම පන්දුවට විශිෂ්ට පන්දු රැකිමක් පෙන්වුම් කරමින් විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට විරාට් කෝලි සමත් වුනා.

විරාට් කොලිගේ එම විශිෂ්ට උඩ පන්දු රැක ගැනීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7