Cricket NewsEXCLUSIVEMatch Review

ඇෆ්ගනිස්තානය කඩුලු 6කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට.!

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරඟ වටයේ Group 1 කාණ්ඩයේ තරගයක් ලෙස අද ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැති තරඟයෙන් කඩුලු 6ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලාන සුපිරි 12 වටයේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

ඇෆ්ගනිස්තාන වෙනුවෙන් Rahmanullah Gurbaz පන්දු 24කදී ලකුණු 28ක් වාර්තා කිරීමට සමත් වුනා. Usman Ghani ලකුණු 27ක් රැස් කළ අතර Ibrahim Zadran ලකුණු 22ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 145ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 148ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය සිල්වා පන්දු 42ක් තුල නොදැවී ලකුණු 66ක් රැස් කල අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Rashid Khan කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරඟයේ වීරයා සම්මානය වනිඳු හසරංග හට හිමි වු අතර මෙම ජයග්‍රහණය සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඉදිරි ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත තරඟ අනුව තීරණය වනු ඇත.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7