Cricket NewsEXCLUSIVE

ප්‍රභල පකිස්තාන කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් කරමින් සිකන්දර් රාසා ඇතුළු සිම්බාබ්වේ ක්‍රිඩකයන් ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කරයි.!

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරඟ වටයේ Group 2 කාණ්ඩයේ තීරණාත්මක තරගයක් ලෙස අද පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරඟයෙන් එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුයේ ප්‍රභල පකිස්තාන කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් කරමිනි.

අද තරගයේ කාසියේ වාසිය ජයගෙන සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරා.

එ අනුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් රැස් කිරීමට සමත් වුණා.

සිම්බාබ්වේ වෙනුවෙන් කළ Sean Williams ලකුණු 31ක් වාර්තා කිරීමට සමත් වුනා. Bradley Neil Evans ලකුණු 19ක් රැස් කළ අතර Craig Ervine ලකුණු 19ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mohammad Wasim කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු131ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පකිස්ථාන පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 129ක් පමණයි

පකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Shan Masood ලකුණු 43ක් රැස් කල අතර Mohammad Nawaz ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේදී Sikandar Raza කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7