Cricket NewsEXCLUSIVEMatch Review

පකිස්ථානයත් පරාජය කරමින් මෙවර ආසියානු කුසලානයේ මෙතෙක් මුණ ගැසුණු සියලුම කණ්ඩායම් වලට එරෙහිව තරඟ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.!

ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ Super 4 ඛණ්ඩයේ අවසන් තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලානයේ මෙතෙක් මුණ ගැසුණු සියලුම කණ්ඩායම් වලට එරෙහිව තරඟ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා පකිස්තාන කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායමට නියමිත පන්දුවාර 19.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමාත් වුයේ ලකුණු 121ක් පමණයි.

පකිස්ථානය වෙනුවෙන් Babar Azam ලකුණු 30ක් වාර්තා කිරීමට සමත් වුනා. Mohammad Nawaz ලකුණු 26ක් රැස් කළ අතර ohammad Rizwan ලකුණු 14ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 123ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 124ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක පන්දු 48ක් තුල ලකුණු 55ක් රැස් කල අතර භානුක රාජපක්ෂ ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී Haris Rauf සහ Muhammad Hasnain කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.තරඟයේ වීරයා සම්මානය පන්දුවෙන් සුපිරි දස්කම් දැක්වූ වනිඳු හසරංග හට හිමි වුනා.

එමෙන්ම එළඹෙන 11 වන දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර අවසන් මහා තරඟයද පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button