Cricket NewsEXCLUSIVE

“මගේ ඔලුවේ වැඩ කරන්නේ ජයග්‍රහණය කිරීම පමණයි” – ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න

ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් මෙවර ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම මේ වන විටත් තහවුරු වී අවසන්. ඒ ශ්‍රී ලංකාව සහ පකිස්ථානයයි.

එමෙන්ම අද Super 4 වටයේ අවසන් තරඟය ද ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර පැවැත්වීමට නියමිතය. මේ අතර ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න තම ක්‍රීඩා දිවිය පිළිබඳව අද මාධ්‍ය වෙත මෙලෙස සිය අදහස් පළ කර සිටියා.

“කට්ටිය හිතන්න පුළුවන් මට හැමවෙලේම කේන්ති යනවා. දඟලනවා, කෑ ගහන කෙනෙක් කියලා. මම ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකේ විතරයි එහෙම. මට ජයග්‍රහණය විතරයි මගේ ඔලුවේ වැඩ කරන්නේ. දිනීම පමණයි රට වෙනුවෙන්, මම බැඩ්මින්ටන් සහ මලල ක්‍රීඩා කරපු කෙනෙක්. තනි පුද්ගල ක්‍රීඩාවක් කරනවා කියන්නේ ජයග්‍රහණ පමණයි, ඉතින් මගේ ඔලුවේ වැඩ කරන්නේ ජයග්‍රහණය කිරීම පමණයි. ඉතින් ඒකෙන් එළියේ මම සෑහෙන්නේ වෙනස් ක්‍රීඩකයෙක්. මම සෑහෙන්න එකමුතුයි, සෑහෙන්න ෆ්‍රෙන්ඩ්ලි, මාර ෆන් එකේ ඉන්නේ හැමවෙලේම ඉතින්, ඒ තමයි මම,”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7