Cricket NewsEXCLUSIVEIPL

Sunrisers පරාජය කරමින්, දසුන් ශානක ක්‍රීඩා කරන Gujarat Titans කණ්ඩායම PLAY-OFF වටයට පිවිසි ප්‍රථම කණ්ඩායම බවට පත් වෙයි.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 62වන තරගය ලෙස පසුගිය වසරේ IPL ශුරයන් වන Gujarat Titans කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර පැවති තරඟයෙන් ලකුණු 32කක ජයග්‍රහනයක් වාර්තා කිරීමට Gujarat Titans කණ්ඩායම සම්මත වුයේ මෙවර තරඟාවලියේ PLAY-OFF වටයට පිවිසි ප්‍රථම කණ්ඩායම බවට පත් වෙමිනි.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දු රකිම තෝරාගත්තා.

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 188ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Shubman Gill පන්දු 58කදී ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් ##ක් ඇතුලත් වුනා. Sai Sudharsan ලකුණු 47ක් රැස් කළ අතර Dasun Shanaka ලකුණු 9ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 154ක් පමණයි

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Heinrich Klaasen පන්දු 44ක් තුල ලකුණු 64ක් රැස් කල අතර Bhuvneshwar Kumar ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී Mohammed Shami සහ Mohit Sharma කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7