Cricket NewsEXCLUSIVEInternational

ලොව තෙවන වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන්ට අළු බදුන තරගාවලිය මගහැරීමෙ අවධානමක්

ජේම්ස් ඇන්ඩර්සන් ලැන්කෂයර් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී “ඔහුගේ දකුණු ඉකිලි ප්‍රදේශයට සුළු ආබාධයක්” ඇති වූ බව තහවුරු වීමෙන් පසු ජුනි 1 වැනිදා අයර්ලන්තයට එරෙහිව ආරම්භ වන ග්‍රීෂ්ම ඍතුවේ එංගලන්තයේ පළමු ටෙස්ට් තරගයට සහභාගි වීම අවිනිශ්චිත වී තිබේ.

මේ හේතුවෙන් ඔහුට අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය හා අලු බදුන ටෙස්ට් තරගාවලිය අහිමී වීමෙ අවධානමක ඇති බව ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

කෙසෙ වෙතත් මුරලි හා ශේන් වෝර්න්ට පසු වැඩිම කඩුළුලාභියා වන ජේම්ස් ඇන්ඩර්සන් මේ වන විට ටෙස්ට් පිටියේ කඩුළු 685 ක් ලබාගෙන ඇති අතර වැඩිම කඩුළුලාභීන් අතර තෙවන ස්ථානය ලබා ගැනීම ඔහුට තවත් කඩුළු 15 ක් පමණක් අවශ්‍ය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
2
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button