Cricket NewsEXCLUSIVEInternational

ප්‍රභල ඉන්දීය කණ්ඩායම දෙවන එක්දින තරඟයෙනුත් පරාජය කරමින් බංගලාදේශ කණ්ඩායම තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලිය ජයග්‍රහණය කරයි.!

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගත් බංගලාදේශ කණ්ඩායම තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ප්‍රභල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟාවලිය ජයග්‍රහණය කිරීමට අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංගලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 271ක් රැස් කිරීමට සමත් වුණා.

බංගලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Mehidy Hasan නොදැවී පන්දු 83කදී ලකුණු 100ක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊට අනගි සහයක් දුන් Mahmudullah ලකුණු 77ක් රැස් කළ අතර Najmul Hossain Shanto ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Washington Sundar කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 272කක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 266ක් පමණයි

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Shreyas Iyer ලකුණු 82ක් රැස් කල අතර Axar Patel ලකුණු 56ක් සහ නායක Rohit Sharma සටන්කාමී ලකුණු 51ක් රැස් කළා.රැස් කළා.

පන්දු යැවීමේදී Ebadot Hossain කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button